ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පොලිස් අත්අඩංගුවෙන් පැන ගොස් සැඟවී සිටි අන්තර්ජාතික පොලිස් රතු නිවේදන නිකුත් කර තිබූ 54 හැවිරිදි පුද්ගලයෙක් වද්දුව ප්‍රදේශයේ කුලී නිවසක සැඟවී සිටියදී අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට හැකි වෙලා තියෙනවා. මොහු මීට පෙර හෙරොයින් කිලෝග්‍රෑම් 337ක් මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට ප්‍රවාහනය කරද්දී ඉන්දීය නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. ඉන්දියාවේ කොචින් බන්ධනාගාරයේ රඳවා සිටියදී මොහු එතැනින් පැන ඇවිත් නැවතත් මුහුදු මාර්ගයෙන්ම ලංකාවට පැමිණ තිබෙනවා.
ලංකාවට ආවට පස්සේ වෙන්නප්පුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මොහුව මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා. පසුව ඇප මත මුදා හැරියත්, අධිකරණයේ නඩුවක් සඳහා පෙනී සිටින අතරතුර බන්ධනාගාර නිලධාරීන්ගේ අත්අඩංගුවෙන් මොහු පැන ගොස් තිබෙනවා. සැප්තැම්බර් 30 වැනිදා අලුයම වද්දුව ප්‍රදේශයේ සැඟවී සිටියදී පොලිසිය විසින් මොහුව අත්අඩංගුවට ගත්තේ දීර්ඝ කාලයක් තිස්සේ සිදු කළ විමර්ශනයකින් පසුවයි.
දැනට ලැබෙන තොරතුරු අනුව, අන්තර්ජාතික නීති රීතිවලට අනුව සහ අපරාධකරුවන් හුවමාරු කර ගැනීමේ ගිවිසුම්වලට අනුව මොහුව ඉන්දීය බලධාරීන් වෙත භාර දීමට අවශ්‍ය කටයුතු මේ වන විට පොලිසිය විසින් සිදු කරමින් පවතිනවා. අතිශය භයානක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන මොහුගේ අත්අඩංගුවට ගැනීම මත්ද්‍රව්‍ය ජාලය මර්දනය කිරීමේ කටයුතුවලට ලොකු පිටුවහලක් වේවි කියලා තමයි පොලිස් ආරංචි මාර්ග පවසන්නේ.

Discussion & Feedback