දැන් ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය වේදිකාව තුළ AI තාක්ෂණයෙන් නිර්මාණය කරපු ව්‍යාජ පුද්ගලයන්ගේ ගිණුම් හඳුනාගැනීම සඳහා අලුත් නීති මාලාවක් හඳුන්වා දීලා තියෙනවා. ගොඩක් අය තමන්ගේ ප්‍රොෆයිල් එකට AI මගින් හදපු මනුස්සයෙක්ගේ රූපයක් දාගෙන ඉන්නවා, ඒත් ඒක ඇත්ත මනුස්සයෙක් කියලා හිතාගෙන අනිත් අය ඒ ගිණුම් එක්ක සම්බන්ධ වෙනවා. මේ වගේ දේවල් නිසා පරිශීලකයන් අතර ලොකු කලකිරීමක් ඇති වෙලා තියෙන නිසා තමයි ඉන්ස්ටග්‍රෑම් මේ වගේ තීරණයක් අරන් තියෙන්නේ. දැන් ඉඳන් AI මගින් නිර්මාණය කරපු ගිණුම්වල අනිවාර්යයෙන්ම ‘AI-generated profile’ කියලා ලේබල් එකක් ගහන්න ඕනේ.
මේ විදිහට තමන්ගේ ගිණුම AI එකක් කියලා හෙළි නොකරන අයට ඉන්ස්ටග්‍රෑම් එකෙන් දෙන දඬුවම තමයි ඒ ගිණුම්වල ප්‍රචාරණය හෙවත් ‘reach’ එක අඩු කරන එක. ඒ කියන්නේ ඒ ගිණුම්වලට වැඩි පිරිසක් අතරට යන්න තියෙන අවස්ථාව සීමා වෙනවා. හැබැයි මතක තියාගන්න, ෆොටෝ එකක් එඩිට් කරන්න හෝ කැප්ෂන් එකක් ලියන්න AI පාවිච්චි කරන සාමාන්‍ය පරිශීලකයන්ට මේ නීතිය බලපාන්නේ නැහැ. විශේෂයෙන්ම සෞඛ්‍ය උපදෙස් දෙන ව්‍යාජ වෛද්‍යවරුන් සහ විවිධ ව්‍යාපාර ප්‍රවර්ධනය කරන AI චරිත නිසා සමාජයේ ඇති වෙලා තියෙන අවදානම අවම කරන්න මේ පියවර ගොඩක් වැදගත් වේවි කියලා තමයි ඉන්ස්ටග්‍රෑම් ආයතනය කියන්නේ.

Discussion & Feedback