නාසා ආයතනය තමන්ගේ අලුත්ම අභ්‍යවකාශ දුරේක්ෂය වන ‘නැන්සි ග්‍රේස් රෝමන්’ අභ්‍යවකාශයට යවන්න දැන් සියල්ල සූදානම් කරලා තියෙනවා. මේ අගෝස්තු 30 වෙනිදා ෆ්ලොරිඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉඳන් ස්පේස් එක්ස් ෆැල්කන් හෙවි රොකට්ටුවක් මගින් මේක අභ්‍යවකාශයට යවන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ. පෘථිවියේ ඉඳන් කිලෝමීටර් මිලියන 1.5ක් විතර ඈතින් පිහිටි ස්ථානයකට මේ දුරේක්ෂය යවන්න නාසා ආයතනය බලාපොරොත්තු වෙනවා. හබල් දුරේක්ෂයට වඩා සිය ගුණයක විශාල දර්ශන පථයක් මේකේ තියෙන නිසා, හබල් දුරේක්ෂය වසර 30කින් කරපු දේට වඩා 50 ගුණයක වැඩක් මේකෙන් කෙටි කාලයකින් කරගන්න පුළුවන් වෙයි කියලා විද්‍යාඥයන් විශ්වාස කරනවා.
මේ දුරේක්ෂයේ හැඩය හරියට අහසේ පාවෙන හෙලිකොප්ටරයක් වගේ. මේකේ තියෙන ප්‍රධාන කැමරාව සහ සූර්ය පැනල මගින් අභ්‍යවකාශයේ තියෙන තරු බිලියන 20ක් සහ මන්දාකිණි බිලියනයකට වඩා වැඩි ප්‍රමාණයක් නිරීක්ෂණය කරන්න පුළුවන් වෙනවා. ඒ විතරක් නෙවෙයි, අලුතින් ග්‍රහලෝක 200,000ක් විතර හොයාගන්නත් මේ මෙහෙයුමෙන් පුළුවන් වෙයි කියලා නාසා ආයතනය කියනවා. මේකේ තියෙන විශේෂිත අධෝරක්ත කැමරා පද්ධතිය නිසා අභ්‍යවකාශයේ තියෙන රහස් ගොඩක් අපිට ඉදිරියේදී දැනගන්න ලැබෙයි. ඇත්තටම මේක අභ්‍යවකාශ විද්‍යාවේ අලුත් පිටුවක් පෙරළන සුවිශේෂී මෙහෙයුමක් වේවි.

Discussion & Feedback