Google DeepMind ආයතනයේ හිටපු සාමාජිකයන් පිරිසක් එකතු වෙලා පටන් ගත්ත ‘Inherent’ කියන බ්‍රිතාන්‍ය ස්ටාර්ට්අප් සමාගම මේ දවස්වල ලෝකයේම අවධානය දිනාගෙන ඉන්නවා. ඔවුන් හඳුන්වා දුන්න ‘Faraday’ කියන AI ඒජන්තයා, OpenAI සහ Anthropic වගේ දැවැන්ත සමාගම්වල විශාල AI මාදිලි පරදවමින් විද්‍යාත්මක පර්යේෂණ ප්‍රතිඵල නැවත නිර්මාණය කිරීමේ කාර්යයේදී විශිෂ්ට දක්ෂතාවයක් පෙන්නුම් කරලා තියෙනවා. විශේෂම දේ තමයි, මේ Faraday කියන AI එක ඉතාම කුඩා මාදිලියක් (Qwen 3.6) භාවිතා කරමින් මේ දේ සාක්ෂාත් කරගෙන තිබීම. ඒ වගේම මේ පද්ධතියට හුදු දත්ත සැකසීම විතරක් නෙවෙයි, විද්‍යාත්මක පර්යේෂණවලදී අවශ්‍ය වන ‘පර්යේෂණ රසඥතාව’ (research taste) හෙවත් කුමන අත්හදා බැලීම වැදගත්ද කියලා තේරුම් ගැනීමේ හැකියාවත් තියෙනවා.
මේ සමාගමේ ප්‍රධාන විද්‍යාඥ එඩ්වඩ් හියුස් කියන විදිහට, ඔවුන්ගේ ඉලක්කය වෙන්නේ හුදෙක් පරණ දේවල් හොයන එක නෙවෙයි, අලුත් විද්‍යාත්මක දැනුම සොයාගන්න පුළුවන් AI විද්‍යාඥයෙක් නිර්මාණය කිරීමයි. ඒ සඳහා ඔවුන් ‘reinforcement learning’ කියන ක්‍රමවේදය භාවිතා කරනවා. ඒ කියන්නේ AI එකට නීති රීති පනවන්නෙ නැතුව, හොඳ ප්‍රතිඵල ලැබෙන විට එය දිරිමත් කිරීම හරහා ස්වාධීනව ඉගෙන ගන්න ඉඩ දෙන එක. මේ හරහා ඔවුන් බලාපොරොත්තු වෙන්නේ මනුස්සයෙක් වගේම කුතුහලයෙන් වැඩ කරන, තමන්ගේ අදහස් ඉදිරිපත් කරන සහයෝගී AI සහකරුවෙක් බිහි කරන්නයි. ලන්ඩන් නුවර කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වන මේ කණ්ඩායම, AI ක්ෂේත්රයේ අනාගතය වෙනස් කරන්න පුළුවන් විශාල පෙරළියක් කරමින් ඉන්නවා.

Discussion & Feedback