අභ්යවකාශයේ සිදුවන තරු උපතක් සම්බන්ධයෙන් ජේම්ස් වෙබ් අභ්යවකාශ දුරේක්ෂය මගින් ලබාගත් අතිශය සුන්දර ඡායාරූපයක් මේ දිනවල විද්යා ලෝකයේ ලොකු කතාබහකට ලක්වෙලා තියෙනවා. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 450ක් පමණ ඈතින් පිහිටි ‘FS Tau’ නමින් හැඳින්වෙන කලාපයක තමයි මේ අලුත උපන් තරු හෙවත් ප්රොටෝස්ටාර්ස්ලා (protostars) ඉන්නේ. මේ තරු තමන් නිර්මාණය වුණු දැවැන්ත වායු සහ දූවිලි වලාකුළු අතරින් නිදහස් වෙමින්, අභ්යවකාශයේ විශ්මිත ගිනිකෙළි සංදර්ශනයක් පවත්වනවා වගේ දසුනක් තමයි මේ ඡායාරූපයෙන් දැකගන්න ලැබෙන්නේ.
සාමාන්යයෙන් තරු උපතක් සිදුවෙන්නේ අභ්යවකාශයේ තියෙන වායු වලාකුළු ගුරුත්වාකර්ෂණය නිසා එකට එකතු වෙලා හැකිලීමෙන්. මේ විදිහට එකතු වෙන ද්රව්ය ප්රමාණය වැඩි වුණාම තමයි තාරකාවක් විදිහට ඒවා ස්ථාවර වෙන්නේ. ජේම්ස් වෙබ් දුරේක්ෂයේ අධෝරක්ත කිරණ තාක්ෂණය නිසා මේ ඝන වායු වලාකුළු පවා විනිවිද දකින්න විද්යාඥයන්ට පුළුවන් වෙලා තියෙනවා. මේ ඡායාරූපයේ තියෙන නිල් පැහැති රේඛා මගින් පෙන්නුම් කරන්නේ තරු උපතේදී පිටවන ශක්තිය සහ වායු ධාරාවන් මගින් අවට පරිසරයේ ඇති කරන බලපෑමයි. මේ දසුන ඇත්තටම අපේ පෘථිවියේ පවත්වන ගිනිකෙළි සංදර්ශනවලටත් වඩා දහස් ගුණයකින් අලංකාරයි කියලා තමයි විද්යාඥයන් පවසන්නේ.
මේ පර්යේෂණය හරහා අඩු ස්කන්ධයක් සහිත තරු පරිණාමය වන ආකාරය සහ ඒවා අවට පරිසරයට බලපාන ආකාරය ගැන තවත් බොහෝ දේවල් ඉගෙන ගන්න විද්යාඥයන් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ තරු ද්රව්ය එකතු කරගන්නේ එක දිගට නෙවෙයි, කොටස් වශයෙන් බවත් මේ දසුන් මගින් තහවුරු වෙනවා. අභ්යවකාශයේ සිදුවන මේ අසිරිමත් ක්රියාවලිය ඇත්තටම අපිට විශ්වයේ තියෙන අභිරහස් ගැන තවත් හොඳ අවබෝධයක් ලබා දෙනවා.

Discussion & Feedback