පසුගිය බ්රහස්පතින්දා (27) මැදවච්චිය – කැකිතොල්ලෑව මාර්ගයේ ගොනාමරියාව ප්රදේශයේදී ඉතාමත් ශෝකජනක රිය අනතුරක් සිද්ධ වෙලා තියෙනවා. මේ අනතුර සිද්ධ වෙලා තියෙන්නේ වේගයෙන් ආ ජීප් රථයක් සහ ත්රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන්. මේ අනතුරෙන් පදවි ශ්රී පුර ප්රදේශයේ පදිංචි 49 හැවිරිදි කාන්තාවක්, ඇයගේ 26 හැවිරිදි දියණිය සහ එම දියණියගේ කුඩා බිළිඳා ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. ඔවුන් මේ ගමන ගිහින් තියෙන්නේ අනුරාධපුර ශික්ෂණ රෝහලට ප්රතිකාර ලබාගැනීමේ අරමුණින් බවයි වාර්තා වෙන්නේ.
මේ අනතුර සිද්ධ වෙන වෙලාවේ ත්රිරෝද රථය පදවපු 31 හැවිරිදි රියදුරු බරපතල තුවාල ලබා කැකිතොල්ලෑව මූලික රෝහලට ඇතුළත් කරලා තියෙනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් ජීප් රථයේ රියදුරුව කැකිතොල්ලෑව පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන තියෙනවා. මේ වගේ සිදුවීම් ඇත්තටම හරිම කණගාටුදායකයි. පාරේ වාහන පදවනකොට හැමෝම ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ කියන එක තමයි මේ වගේ සිදුවීම්වලින් අපිට නැවතත් මතක් වෙන්නේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පොලිසිය විසින් සිදු කරනවා.

Discussion & Feedback