ඉන්දුනීසියාවේ සිදුවුණු දැවැන්ත ළමා ජාවාරමක් සම්බන්ධයෙන් පුද්ගලයින් 19 දෙනෙකුට එරෙහිව පසුගියදා අධිකරණ තීන්දුවක් ලැබුණා. මේ ජාවාරම්කරුවන් විසින් දරුවන් 34 දෙනෙකු පමණ නීතිවිරෝධී ලෙස විකුණා ඇති අතර, ඉන් දරුවන් 12 දෙනෙකුම සිංගප්පූරුවට යවා තිබෙනවා. මේ සිදුවීමත් එක්ක දැන් ලොකුම ප්රශ්නය වෙලා තියෙන්නේ සිංගප්පූරුවේ ඉන්න මේ දරුවන්ගේ අනාගතය මොකක් වෙයිද කියන එකයි. තමන් හදා වඩා ගන්නා දරුවන් නීතිවිරෝධී ලෙස ජාවාරම් කරපු අයගෙන් ලැබුණු බවක් නොදැන සිටි සිංගප්පූරු දෙමාපියන් මේ වන විට දැඩි මානසික පීඩනයකින් සහ බියකින් පසුවෙනවා.
තමන් හදා වඩා ගන්නා දරුවා තමන්ගෙන් වෙන් කරාවිද කියන බිය ඔවුන් තුළ තියෙනවා. දරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් දෙරටේම බලධාරීන් ඉක්මන් තීරණයකට එළඹිය යුතු බවයි ඔවුන් ඉල්ලා සිටින්නේ. මේ දරුවන් නැවත ඉන්දුනීසියාවට යැවිය යුතු බවට ඇතැම් ළමා අයිතිවාසිකම් සංවිධාන තර්ක කළත්, සිංගප්පූරු බලධාරීන් පවසන්නේ දරුවන්ගේ හොඳම අනාගතය වෙනුවෙන් තීරණයක් ගන්නා බවයි. කෙසේ වෙතත්, මේ දරුවන්ගේ සැබෑ දෙමාපියන් කවුද සහ ඔවුන්ගේ නීතිමය තත්ත්වය කුමක්ද යන්න තවමත් පැහැදිලි නැහැ. මේ වගේ සංකීර්ණ තත්ත්වයකදී දරුවන්ගේ අනාගතය ගැන තීරණයක් ගැනීම දෙරටේම ආණ්ඩුවලට ලොකු අභියෝගයක් වෙලා තියෙනවා.

Discussion & Feedback