ඉන්දුනීසියාවේ ඇනක් ක්‍රකටාවු (Anak Krakatau) ගිනිකන්ද සක්‍රීය වීමත් සමඟ ඇතිවූ දැඩි බලපෑම නිසා මේ වන විට මගීන් ලක්ෂ දෙකකට අධික පිරිසක් දැඩි අසීරුතාවකට පත්වෙලා ඉන්නවා. ගිනිකන්දෙන් පිටවන අළු සහ ලාවා හේතුවෙන් ජකර්තා ඇතුළු ප්‍රදේශ කිහිපයක ගුවන් තොටුපළවල් වසා දැමීමට බලධාරීන් පියවර ගත්තා. මේ නිසා ගුවන් ගමන් දෙදහසකට වැඩි ප්‍රමාණයක් අවලංගු කරලා තියෙන අතර, ගුවන් තොටුපළ පරිශ්‍රවල මගීන් දහස් ගණනක් සිය ගමන් බිමන් සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක ඉන්නවා. ගුවන් ගමන් නැවත ආරම්භ කරන වේලාවන් පවා නිතරම වෙනස් වන නිසා මගීන් විශාල පිරිසක් දැඩි අපහසුතාවයට පත්වෙලා ඉන්න අයුරු දකින්න පුළුවන්.
ගිනිකඳු අළු වායුගෝලයේ පැතිරී තිබීම නිසා ගුවන් ගමන් ආරක්ෂිත නැති බව බලධාරීන් පවසනවා. මේ තත්ත්වය තව කොපමණ කාලයක් පවතීදැයි නිශ්චිතවම කියන්න බැරි බවයි ප්‍රවාහන අමාත්‍යවරයා සඳහන් කරන්නේ. ගිනිකන්ද ආශ්රිත කිලෝමීටර් 3ක කලාපය තුළ කිසිදු ක්‍රියාකාරකමක් සිදු නොකරන ලෙසත්, නැව් ගමනාගමනයෙන් වළකින ලෙසත් බලධාරීන් ජනතාවට අවවාද කරලා තියෙනවා. තමන්ගේ ගමනාන්ත වෙත යාමට නොහැකිව අතරමං වූ මගීන් විකල්ප ප්‍රවාහන ක්‍රම සොයමින් වෙහෙසෙන අයුරුත්, ඇතැම් සංචාරකයන්ට දින ගණනාවක් ගුවන් තොටුපළේ රැඳී සිටීමට සිදුවීම නිසා ඔවුන් දැඩි කලකිරීමකින් පසුවන අයුරුත් වාර්තා වෙනවා. ඉදිරියේදීත් ගිනිකඳු පිපිරීම් සිදුවීමේ අවදානමක් පවතින නිසා කාලගුණ විද්‍යා අංශ නිරන්තරයෙන් මේ පිළිබඳව අවධානයෙන් ඉන්නවා.

Discussion & Feedback