ඉන්දියාවේ ක්ෂණික භාණ්ඩ බෙදාහැරීමේ සේවාවන් මේ දිනවල ඉතා වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතිනවා. මේ නිසාම බෙදාහැරීම් කටයුතු සඳහා යොදාගන්නා විදුලි යතුරුපැදිවලට විශාල ඉල්ලුමක් ඇතිවෙලා තියෙනවා. මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නා ‘Yulu’ නම් විදුලි සංචලතා සමාගම, අලුතින් ඇමරිකානු ඩොලර් මිලියන 93ක ආයෝජනයක් ලබාගැනීමට සමත් වුණා. දැනට ඔවුන් සතුව විදුලි යතුරුපැදි 50,000ක් පමණ තියෙන අතර, දිනකට බෙදාහැරීම් 750,000කට වඩා සිදු කිරීමට ඔවුන්ගේ සේවාවන් උපකාරී වෙනවා. මෙම නව මුදල් ආයෝජනයත් සමඟ ඉදිරි වසර දෙක තුළ තම යතුරුපැදි සංඛ්‍යාව 200,000 දක්වා ඉහළ නංවා ගැනීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා.
මෙම සමාගම ප්‍රධාන වශයෙන්ම කරන්නේ බෙදාහැරීම් කටයුතුවල නිරත වන අයට සතිපතා කුලී පදනම මත විදුලි යතුරුපැදි ලබාදීමයි. මේ නිසා තමන්ගේම වාහනයක් මිලදී ගැනීමට නොහැකි අයට ඉතා පහසුවෙන් රැකියාවක නිරත වීමට අවස්ථාව ලැබෙනවා. විශේෂයෙන්ම ඇමසන් සහ ෆ්ලිප්කාර්ට් වැනි ප්‍රධාන පෙළේ සමාගම්වල බෙදාහැරීම් කටයුතු කරන පුද්ගලයන් විශාල පිරිසක් Yulu සේවාවන් භාවිතා කරනවා. ඉදිරියේදී වඩාත් වේගවත් ‘Yulu Express’ නමින් නව විදුලි ස්කූටර මාදිලියක් හඳුන්වා දීමටත් ඔවුන් සැලසුම් කරලා තියෙනවා. දැනට ඉන්දියාවේ නගර 12ක ක්‍රියාත්මක වන මෙම සමාගම, ලබන වසර වන විට නගර 20ක් දක්වා තම සේවාවන් පුළුල් කිරීමටයි සූදානම් වෙන්නේ.

Discussion & Feedback