ඉන්දියාවේ සූර්ය බලශක්ති නිෂ්පාදන ක්ෂේත්රය මේ වන විට විශාල පිබිදීමක් ලබමින් පවතිනවා. 2025 වසරේ ආරම්භයේ සිට මේ දක්වා කෙටි කාලයක් තුළ ඇමරිකානු ඩොලර් බිලියන 16ක ආයෝජන ප්රමාණයක් මෙම ක්ෂේත්රයට ලැබී තිබෙනවා. රොඩියම් සමූහයේ වාර්තාවකට අනුව, 2026 වසරේ මුල් මාස හය තුළ පමණක් ඩොලර් බිලියන 4ක ආයෝජන ලැබී ඇති අතර, මේ වන විට ඉන්දියාවේ සූර්ය මොඩියුල නිෂ්පාදන ධාරිතාව ගිගාවොට් 242.7ක් දක්වාත්, සූර්ය කෝෂ නිෂ්පාදන ධාරිතාව ගිගාවොට් 40.5ක් දක්වාත් ඉහළ ගොස් තිබෙනවා. දේශීය නිෂ්පාදන දිරිමත් කිරීම සඳහා ඉන්දීය රජය ගෙන ඇති තීරණ මෙම සාර්ථකත්වයට ප්රධාන හේතුවක් වී ඇති අතර, තවත් ගිගාවොට් 40ක නිෂ්පාදන ධාරිතාවක් ඉදිරියේදී එකතු වීමට නියමිතයි.
කෙසේ වෙතත්, මෙම ක්ෂේත්රයට ඇමරිකා එක්සත් ජනපදයෙන් එල්ල වී ඇති වෙළඳ තහංචි සහ බදු පැනවීම් විශාල අභියෝගයක් බවට පත්වෙලා. ඉන්දියාවෙන් අපනයනය කරන සූර්ය බලශක්ති උපකරණ සඳහා ඇමරිකාව විසින් අධික ලෙස ප්රති-ඩම්පින් බදු සහ සහනාධාර විරෝධී බදු පැනවීමට යෝජනා කර තිබෙනවා. පසුගිය වසරේදී ඉන්දියාව ඇමරිකාවට සූර්ය බලශක්ති උපකරණ අපනයනය කිරීමෙන් ඩොලර් බිලියන 1.2ක ආදායමක් උපයා ගත්තත්, මෙම නව බදු තත්ත්වය මත ඉන්දීය නිෂ්පාදකයින්ට තම අවධානය දේශීය වෙළඳපොළ වෙත යොමු කිරීමට සිදුවනු ඇති. ඇතැම් සමාගම් මේ වන විට ඇමරිකාව තුළම නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීම ගැනත් සලකා බලමින් සිටින බවයි වාර්තා වෙන්නේ.

Discussion & Feedback