ඉන්දියාවේ ප්‍රකට එස්සාර් සමූහ ව්‍යාපාරය විසින් ඇමරිකාවේ අයෝවා ප්‍රාන්තයේ දැවැන්ත වානේ කම්හලක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මේ බව නිල වශයෙන් ප්‍රකාශ කළ අතර, මෙය ඇමරිකානු ඉතිහාසයේ ඉදිකෙරෙන විශාලතම වානේ කම්හල ලෙසයි සැලකෙන්නේ. මේ සඳහා ඩොලර් බිලියන 15ක දැවැන්ත ආයෝජනයක් සිදුකිරීමට නියමිත අතර, සමස්ත ව්‍යාපෘතිය සඳහා ඩොලර් බිලියන 18ක් වැය කිරීමට එස්සාර් සමාගම බලාපොරොත්තු වෙනවා. 2030 වසරේදී නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට නියමිත මෙම කම්හල මගින් වාර්ෂිකව වානේ ටොන් මිලියන 10ක් නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරනවා.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ එස්සාර් සමූහයට අයත් ‘මෙසාබි මෙටලික්ස්’ සමාගම මගින්. ඇමරිකාවේ වානේ කර්මාන්තය නැවතත් ශක්තිමත් වෙමින් පවතින බව පවසන ජනාධිපති ට්‍රම්ප්, ආනයනික වානේ සඳහා පනවා ඇති බදු හේතුවෙන් බොහෝ සමාගම් මේ වන විට ඇමරිකාව තුළම කම්හල් ඉදිකිරීමට උනන්දු වන බවත් සඳහන් කළා. මෙම කම්හල මගින් මෝටර් රථ, නැව් තැනීම, බලශක්ති සහ යටිතල පහසුකම් වැනි ක්ෂේත්‍ර ගණනාවකට අවශ්‍ය වානේ සැපයෙනු ඇති. ඇමරිකාවේ නිෂ්පාදන කර්මාන්තය නංවාලීමට ගෙන ඇති මෙම තීරණය එරට ආර්ථිකයට විශාල ශක්තියක් වනු ඇති බවයි විචාරකයින් පවසන්නේ.

Discussion & Feedback