වියට්නාමයේ ෆු ක්වොක් දූපත ආසන්නයේදී ඉන්දීය සංචාරකයින් පිරිසක් රැගත් වේගවත් බෝට්ටුවක් මුහුදේ පෙරළී යාමෙන් පුද්ගලයින් 15 දෙනෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. අනතුර සිදුවන අවස්ථාවේදී බෝට්ටුවේ ඉන්දීය ජාතිකයින් 32 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ සිව්දෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර, හොන් මේ රුට් න්ගෝයි දූපතට මීටර් 400ක් පමණ දුරින් මෙම අනතුර සිදුව තිබෙන්නේ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ දැඩි සුළං සහ රළ පහර නිසා බවයි වාර්තා වෙන්නේ. අනතුර සිදුවූ වහාම ප්‍රදේශයේ සිටි අනෙකුත් සංචාරක බෝට්ටු සහ සහන කණ්ඩායම් එක්ව සිදුකළ මෙහෙයුම්වලින් පුද්ගලයින් 21 දෙනෙකු බේරා ගැනීමට හැකි වුණා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය දැඩි කම්පනය පළ කරමින් මියගිය අයගේ පවුල්වලට සිය ශෝකය ප්‍රකාශ කර තිබෙනවා. වියට්නාමයේ ඉන්දීය තානාපති කාර්යාලය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ආපදාවට ලක්වූවන්ගේ පවුල්වලට සහාය වීම සඳහා විශේෂ දුරකථන මාර්ගයක්ද විවෘත කර ඇති අතර, මේ වන විට බේරාගත් පිරිසට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට බලධාරීන් කටයුතු කරමින් සිටිනවා. සංචාරකයින් අතර ඉතා ජනප්‍රිය දූපත් සංචාරක කලාපයක් වන මෙම ප්‍රදේශයේදී මෙවැනි ඛේදජනක සිදුවීමක් වාර්තා වීම සංචාරක ක්ෂේත්රයට විශාල බලපෑමක් එල්ල කර තිබෙනවා.

Discussion & Feedback