ඉන්දීය සිනමාවේ දක්ෂ රංගන ශිල්පිනියක් වන සයානි ගුප්තා, ඇයගේ පළමු හොලිවුඩ් චිත්රපටය වන ‘ආර්යා’ හරහා ජාත්යන්තර සිනමාවට පිවිසීමට සූදානම් වෙනවා. මේ දිනවල ඇමරිකාවේ මිනසෝටා ප්රාන්තයේ ඩලුත් නගරයේදී මෙම චිත්රපටයේ රූගත කිරීම් සිදුවෙමින් පවතින අතර, එය අධ්යක්ෂණය කරන්නේ නීල් ටුලි විසින්. ‘ආර්යා’ චිත්රපටයේ සයානි රඟපාන්නේ ඉන්දියාවේ කීර්තිමත් සංගීත ආයතනයක පියානෝ ගුරුවරියක් ලෙසයි. ඇයගේ වෘත්තීය ජීවිතයේ දියුණුව වෙනුවෙන් මිනසෝටා වෙත පැමිණෙන ඇයට, එහිදී මුහුණ දීමට සිදුවන අභියෝග සහ ඇයගේ ජීවිතයේ සැඟවුණු පැති ගැන මෙම කතාවෙන් ලස්සනට විස්තර කෙරෙනවා.
සයානි ගුප්තා කියන්නේ මීට පෙර ‘මගරිගා විත් අ ස්ට්රෝ’, ‘ඩෙල්හි ක්රයිම්’ සහ ‘ආටිකල් 15’ වැනි ජනප්රිය නිර්මාණ රැසකින්ම ප්රේක්ෂක ආදරය දිනාගත් දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය රංගනයෙන් පමණක් නොව, කෙටි චිත්රපට අධ්යක්ෂණය සහ නිෂ්පාදනයෙනුත් දක්ෂතා දක්වන කෙනෙක්. ‘ආර්යා’ චිත්රපටයේ ඇය රංගනයට අමතරව විධායක නිෂ්පාදකවරියක් ලෙසත් කටයුතු කරනවා. නීල් ටුලිගේ අධ්යක්ෂණයෙන් එන මෙම චිත්රපටය, සයානිගේ රංගන දිවියේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් වේවි කියලා තමයි සිනමා විචාරකයින් පවසන්නේ. ඉදිරියේදී මෙම චිත්රපටය ගැන තවත් තොරතුරු දැනගන්න අපේ වෙබ් අඩවියත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න.

Discussion & Feedback