සූර්යයාගේ පිටත වායුගෝලය හෙවත් කොරෝනා ස්ථරය, සූර්ය පෘෂ්ඨයට වඩා මිලියන ගණනක් උණුසුම් වන්නේ ඇයිද යන්න විද්‍යාඥයන්ට කාලයක් තිස්සේ තිබුණු ලොකුම ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් සූර්යයාගේ මධ්‍යයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක මිලියන 15ක් වුණත්, පිටත පෘෂ්ඨයේ උෂ්ණත්වය සෙල්සියස් 5,500ක් පමණ වෙනවා. නමුත් කොරෝනා ස්ථරයේ උෂ්ණත්වය සෙල්සියස් මිලියන 2ක් දක්වා ඉහළ යනවා. ඉන්දියාවේ ආදිත්‍ය-L1 සූර්ය මෙහෙයුම මගින් මේ අභිරහස ගැන වැදගත් තොරතුරු රැසක් දැන් අනාවරණය කරගෙන තියෙනවා.
සූර්යයා නිතරම සූර්ය ගිනිදැල් සහ ප්ලාස්මා වලාකුළු අභ්‍යවකාශයට මුදාහරිනවා. මෙවැනි විශාල ශක්තියක් පිටවෙද්දීත් සූර්යයාගේ උෂ්ණත්වය පවත්වා ගන්නේ කොහොමද කියන එක තමයි විද්‍යාඥයන් සොයාගත්තේ. සූර්ය පෘෂ්ඨයේ සිදුවන තාපාංක ක්‍රියාවලිය මගින් ශක්තිය ලැබුණත්, එයින් ලැබෙන්නේ අවශ්‍ය ශක්තියෙන් 7%ක් පමණයි. ඉතිරි 93% ලැබෙන්නේ සූර්යයාගේ වායුගෝලයේ ඇති චුම්භක ක්ෂේත්‍ර රේඛා එකිනෙක ගැටී නැවත සම්බන්ධ වීමේදී සිදුවන ක්‍රියාවලියකින් බව මහාචාර්ය ආර්. රමේෂ් ප්රමුඛ පර්යේෂකයන් පෙන්වා දෙනවා.
මෙම චුම්භක රේඛා කැඩී යාමෙන් සූර්යයා තමන්ට අහිමි වූ ශක්තිය පැය කිහිපයක් ඇතුළත නැවත ලබාගන්නවා. මේ සොයාගැනීම මගින් සූර්යයාගේ අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය සහ පෘථිවියට බලපාන සූර්ය කුණාටු පිළිබඳව වඩා හොඳ අවබෝධයක් ලබාගන්න විද්‍යාඥයන්ට පුළුවන් වෙලා තියෙනවා. මෙය සූර්ය විද්‍යාවේ සුවිශේෂී ඉදිරි පියවරක් ලෙසයි සැලකෙන්නේ.

Discussion & Feedback