ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි මහතා සිය නිල සංචාරය සඳහා කොළඹට පැමිණි අවස්ථාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී තිබෙනවා. අද (05) දින පැවති මෙම හමුවේදී දෙරට අතර පවතින දීර්ඝකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සහ කලාපීය වශයෙන් සිදුවන වැදගත් වර්ධනයන් පිළිබඳව දෙපාර්ශවයම දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවයි වාර්තා වෙන්නේ.
විශේෂයෙන්ම වෙළඳාම, ආයෝජන, තාක්ෂණය සහ සංවර්ධන කටයුතු වැනි ක්ෂේත්‍ර ගණනාවක සහයෝගීතාවය පුළුල් කර ගැනීමේ හැකියාවන් ගැන මෙහිදී වැඩි අවධානයක් යොමු වුණා. දෙරටේ ජනතාව අතර පවතින සබඳතා තවදුරටත් වර්ධනය කර ගනිමින් කලාපීය ස්ථාවරත්වය වෙනුවෙන් අඛණ්ඩව කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී දෙපාර්ශවයම එකඟතාව පළ කර තිබෙනවා.
කලාපීය වශයෙන් වැදගත් වන කරුණු සම්බන්ධයෙන් නිරන්තර සංවාදයක නිරත වෙමින් ද්විපාර්ශ්වික සහයෝගීතාව ඉහළ නංවා ගැනීමටත්, දෙරටේම අන්‍යෝන්‍ය අභිවෘද්ධිය වෙනුවෙන් එක්ව කටයුතු කිරීමටත් විපක්ෂ නායකවරයා සහ ඉන්දීය විදේශ ලේකම්වරයා මෙහිදී අදහස් හුවමාරු කර ගත්තා. මෙම හමුව දෙරට අතර පවතින මිත්‍රත්වය තවදුරටත් තහවුරු කරන වැදගත් අවස්ථාවක් බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.

Discussion & Feedback