ඉන්දියාවේ වේගයෙන් දියුණු වන විදුලි යතුරුපැදි වෙළඳපොළේ ප්‍රබල නාමයක් වන ‘රිවර්’ (River) සමාගම, සිය නිෂ්පාදන ධාරිතාව ඉහළ නංවා ගැනීමට සහ නව මාදිලි වෙළඳපොළට හඳුන්වා දීමට අමෙරිකානු ඩොලර් මිලියන 120ක දැවැන්ත ආයෝජනයක් ලබා ගැනීමට සමත් වෙලා තියෙනවා. Elev8 Venture Partners සහ Claypond Capital වැනි ප්‍රධාන ආයෝජකයන්ගේ මූලිකත්වයෙන් ලැබුණු මෙම අරමුදල් සමඟින්, සමාගම මේ වන විට ලබා ඇති මුළු ආයෝජන වටිනාකම ඩොලර් මිලියන 144ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 2021 වසරේ ආරම්භ කළ මෙම සමාගම, ඔවුන්ගේ ‘ඉන්ඩි’ (Indie) නමැති එකම විදුලි මෝපඩ් මාදිලිය හරහා ඉන්දීය පාරිභෝගිකයන් අතර විශාල ජනප්‍රියත්වයක් ලබා ගැනීමට සමත් වුණා.
දැනට දිනකට යතුරුපැදි 300ක් පමණ නිෂ්පාදනය කරන රිවර් සමාගම, ඉදිරි වසර කිහිපය තුළ සිය නිෂ්පාදන ධාරිතාව තවත් පුළුල් කිරීමට සැලසුම් කර තිබෙනවා. විශේෂයෙන්ම 2027-28 වසර වන විට වාර්ෂිකව යතුරුපැදි ලක්ෂ ගණනක් නිෂ්පාදනය කළ හැකි නව කර්මාන්තශාලාවක් ඉදිකිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. දැනට ඉන්දියාව පුරා වෙළඳසැල් 75කට අධික සංඛ්‍යාවක් හරහා සිය සේවාවන් සපයන රිවර් සමාගම, 2028 වසර වන විට එම ප්‍රමාණය 400 දක්වා වැඩි කිරීමටත්, නව විදුලි යතුරුපැදි මාදිලි දෙකක් වෙළඳපොළට නිකුත් කිරීමටත් සූදානම් වෙනවා. මෙම ආයෝජනයත් සමඟින්, ඉන්දියාවේ විදුලි වාහන ක්ෂේත්රයේ තරගකාරීත්වය තවත් උග්‍ර වනු ඇති බවයි වෙළඳපොළ විශ්ලේෂකයන් පවසන්නේ.

Discussion & Feedback