ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා සැප්තැම්බර් 8 වැනිදා සිට 10 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විශේෂ නිල සංචාරයක නිරත වෙන්න නියමිතයි. ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය මේ බව නිල වශයෙන් තහවුරු කරලා තියෙනවා. මේ සංචාරයේදී එතුමා ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ නායකයන් හමුවී ද්විපාර්ශ්වික සබඳතා සහ කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් සාකච්ඡා කිහිපයක්ම පවත්වන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කොළඹ ඉන්න ඉන්දීය ප්‍රජාව හමුවෙන්නත් එතුමා කටයුතු කරනවා.
ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශයේ සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් පිරිසක් මේ සංචාරයට එක්වෙලා ඉන්නවා. විශේෂයෙන්ම ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව සහ දෙරට අතර පවතින ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම තමයි මේ සංචාරයේ ප්‍රධාන අරමුණ වෙන්නේ. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුද සමයේදී සහ මෑතකදී ඇතිවුණු ස්වභාවික ආපදා අවස්ථාවලදී ඉන්දියාව ලබාදුන් සහයෝගය දෙරට අතර තියෙන සමීප මිත්‍රත්වය හොඳින්ම පෙන්නුම් කරනවා.
ඉන්දියාවේ ‘අසල්වැසියාට මුල්තැන’ (Neighbourhood First) ප්‍රතිපත්තිය යටතේ සිදුවෙන මේ සංචාරය, දෙරටේ ආර්ථික, වෙළඳ සහ ආරක්ෂක සබඳතා අලුත් මට්ටමකට ගෙන යන්න ලොකු පිටුවහලක් වේවි කියලා තමයි විචාරකයෝ කියන්නේ. ඉන්දීය සාගර කලාපයේ සාමය සහ ස්ථාවරත්වය වෙනුවෙන් දෙරටම එකතු වෙලා වැඩ කරන මේ වගේ අවස්ථා ඉදිරියටත් දෙරටේම ජනතාවට ලොකු වාසියක් වේවි.

Discussion & Feedback