කොළඹ කොටුව ප්‍රදේශයේ ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක්ස් ව්‍යාපෘතිය සඳහා නීති විරෝධී මුදල් යොදවා ඇති බවට ඉන්දීය බලධාරීන් විසින් ශ්‍රී ලංකාවේ විමර්ශන අංශ වෙත දැනුම් දී තිබෙනවා. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මේ බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අනාවරණය කළා. මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සිදුකරන ඒකාබද්ධ විමර්ශනයකදී මෙම තොරතුරු අනාවරණය වී ඇති අතර, අදාළ ලිපි ලේඛන දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව පවතින බවයි නීති අධ්‍යක්ෂවරිය අධිකරණයට පැවසුවේ.
මෙම සිද්ධියට අදාළව නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා. නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක් ක්‍රිෂ් සමාගම වෙත බදු දීම සඳහා පහසුකම් සැලසීමට නිමල් පෙරේරා හරහා රුපියල් මිලියන 70ක මුදලක් ලබාගත් බවටයි ඔහුට චෝදනා එල්ල වී ඇත්තේ. රාජ්‍ය ආයතන විසින් මෙම ව්‍යාපෘතියට අදාළ අනුමැතියන් ඉතා ඉක්මනින් ලබා දී ඇති බවත් විමර්ශනවලදී පෙනී ගොස් තිබෙනවා. නාමල් රාජපක්ෂ මහතාගේ නීතිඥවරුන් විසින් මෙම චෝදනා ගොනු කර ඇති ආකාරය සම්බන්ධයෙන් විරෝධතා මතු කළ ද, අධිකරණය විසින් ඔහුව ඔක්තෝබර් 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා. මීළඟ නඩු වාරයේදී ඇප අයදුම්පතක් ඉදිරිපත් කරන ලෙසටයි අධිකරණය උපදෙස් ලබා දී තිබෙන්නේ.

Discussion & Feedback