දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නළු වික්‍රම්, වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති ‘ලාර් ගිබන්’ (Lar gibbon) නම් සත්ත්වයෙකු සමඟ සෙල්ලම් කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයට එක් කිරීමත් සමඟ ලොකු ආන්දෝලනයක් ඇති වෙලා තියෙනවා. මේ වීඩියෝව දැක්ක ගමන්ම වනජීවී නිලධාරීන් වහාම පරීක්ෂණයක් ආරම්භ කළේ මේ සතා කොහොමද පුද්ගලික නිවසකට ආවේ කියන එක හොයන්නයි. වික්‍රම් මේ වීඩියෝව පස්සේ ඉන්ස්ටග්‍රෑම් එකෙන් මකා දැමුවත්, ඒ වන විටත් එය අන්තර්ජාලය පුරා වේගයෙන් පැතිරී ගොස් තිබුණා.
වනජීවී නිලධාරීන් පවසන විදිහට මේ සත්ත්වයා ඉන්නේ චෙන්නායි නුවර පිහිටි නළුවාගේ ඥාතියෙකුගේ නිවසකයි. ඇත්තටම මේ සතුන් ඇති කිරීම සඳහා නීත්‍යානුකූල අවසර පත්‍ර සහ සහතික ලබා ගැනීම අනිවාර්යයි. මේ සතා මනිපූර් ප්‍රාන්තයේ සිට තමිල්නාඩුවට ගෙනැවිත් තියෙන්නේ නීත්යානුකූලවද නැද්ද කියන එක ගැන තමයි දැන් පරීක්ෂණ සිදුවෙන්නේ. මේ සම්බන්ධයෙන් වික්‍රම් තවමත් කිසිම ප්‍රකාශයක් කරලා නැහැ.
ලාර් ගිබන් කියන්නේ අග්නිදිග ආසියාවට ආවේණික, වඳවී යන සත්ත්ව විශේෂයක්. ජාත්‍යන්තර නීති රීති යටතේ මේ සතුන් වෙළඳාම් කිරීම සහ ළඟ තබා ගැනීම ඉතා දැඩි ලෙස පාලනය කරනවා. ඉන්දියාවේ වනජීවී නීතිවලට අනුව මෙවැනි දුර්ලභ සතුන් ලියාපදිංචි කිරීම අනිවාර්යයි. මේ සිද්ධිය නිසා මේ වන විට ඉන්දියාවේ විශාල කතාබහක් ඇති වෙලා තියෙන අතර, නීතිය කඩ කරලා තියෙනවාද යන්න ඉදිරියේදී තහවුරු කරගන්න පුළුවන් වෙයි.

Discussion & Feedback