ඉන්දියාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලා දින 20ක් පුරා උපවාසයේ නිරත වූ ප්‍රකට ක්‍රියාකාරිකයෙකු වන සෝනම් වැන්ග්චුක්ව පොලිසිය විසින් බලහත්කාරයෙන් රෝහල් ගත කර තිබෙනවා. දැඩි හිරු රශ්මිය මධ්‍යයේ ලුණු සහ වතුර පමණක් පානය කරමින් විරෝධතාවයේ යෙදුණු 59 හැවිරිදි වැන්ග්චුක්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉතා බරපතල අතට හැරී තිබුණා. ඔහු කිලෝග්‍රෑම් 9කට වඩා බර අඩු වී දැඩි වේදනාවකින් පසුවුවත්, සඳුදා දින පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු පාගමනට සහභාගී වන බවට ඔහු දිගින් දිගටම ප්‍රකාශ කරමින් සිටියා. කෙසේ වෙතත්, අධිකරණ නියෝගයක් සහ වෛද්‍ය උපදෙස් මත පොලිසිය සහ ආරක්ෂක අංශ ඔහුව රෝහලට රැගෙන ගියේ විරෝධතාකරුවන්ගේ දැඩි විරෝධය මධ්‍යයේයි.
මෙම විරෝධතාවය සංවිධානය කරන්නේ ‘කොක්රෝච් ජනතා පක්ෂය’ නමැති උපහාසාත්මක ව්‍යාපාරය විසින්. ඔවුන් ඉල්ලා සිටින්නේ ඉන්දියාවේ විභාග පද්ධතියේ පවතින දූෂණ සහ ප්‍රශ්න පත්‍ර කාන්දු වීම් වැනි ගැටලු විසඳන ලෙසයි. වැන්ග්චුක්ව රෝහල් ගත කළත්, එම ව්‍යාපාරයේ නිර්මාතෘ අභිජීත් දිප්කේ පවසන්නේ තමන් උපවාසය ඉදිරියට ගෙන යන බවත්, සැලසුම් කළ පරිදිම පාර්ලිමේන්තු පාගමන පවත්වන බවත්ය. රජය සිතන්නේ වැන්ග්චුක්ව ඉවත් කිරීමෙන් මෙම අරගලය නතර කළ හැකි බව නම්, එය ලොකු වැරදීමක් බවත් ඔවුන් අවධාරණය කරනවා. මේ වන විට වැන්ග්චුක් රෝහලේ වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන අතර, ඔහුගේ පවුලේ අය පවසන්නේ තම අවසරයකින් තොරව කිසිදු ප්‍රතිකාරයක් ලබා නොදෙන ලෙසයි.

Discussion & Feedback