ඉන්දියාවේ බටහිර ප්‍රදේශයේ පිහිටි මහාබලේෂ්වර් කඳුකර කලාපය තමයි එරට ස්ට්‍රෝබෙරි වගාවේ කේන්ද්‍රස්ථානය වෙන්නේ. ඉන්දියාවේ ස්ට්‍රෝබෙරි නිෂ්පාදනයෙන් 85%ක්ම සිදුවෙන්නේ මෙතැන. ඒත් මේ වගාව ලේසි පහසු වැඩක් නෙවෙයි. හදිසියේ වැටෙන වැස්සක් නිසා මුළු අස්වැන්නම විනාශ වෙන්න පුළුවන් නිසා ගොවීන්ට මේක ලොකු අවදානමක්. ඒ විතරක් නෙවෙයි, මේ වගාවට අවශ්‍ය පැළ ලංකාව වගේම ඉන්දියාවෙත් පිටරටින් තමයි ගේන්නේ. ඇමරිකාව, ඉතාලිය සහ ස්පාඤ්ඤය වගේ රටවලින් ගේන මේ පැළ සඳහා ගොවීන්ට ලොකු මුදලක් වැය කරන්න සිද්ධ වෙනවා.
මේ තත්ත්වය වෙනස් කරන්න දැන් ඉන්දියාවේ පර්යේෂණ ආරම්භ කරලා තියෙනවා. මහාරාෂ්ට්‍රයේ කෘෂිකර්ම විශ්වවිද්‍යාලයක් සහ පරමාණුක පර්යේෂණ මධ්‍යස්ථානයක් එකතු වෙලා ඉන්දියාවටම ආවේණික වූ, දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දෙන ස්ට්‍රෝබෙරි වර්ගයක් හදන්න උත්සාහ කරනවා. ඒ සඳහා ඔවුන් විකිරණ තාක්ෂණය පාවිච්චි කරනවා. මේක සාර්ථක වුණොත් තව අවුරුදු 10කින් හෝ 15කින් ඉන්දියාවටම ආවේණික ස්ට්‍රෝබෙරි වර්ගයක් බිහිවෙයි. ඒ වගේම දැනට ඉන්න ගොවීන්ට නවීන තාක්ෂණය සහ පොහොර භාවිතය ගැන විද්‍යාත්මක උපදෙස් ලබා දෙමින් ඔවුන්ගේ අස්වැන්න වැඩි කරගන්නත් පියවර අරන් තියෙනවා. මේ උත්සාහය සාර්ථක වුණොත් ඉන්දියාවටත් ස්ට්‍රෝබෙරි ලෝකයේ ප්‍රබල රටක් වෙන්න පුළුවන්.

Discussion & Feedback