ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක රෝහිත් යාදව්ට වසර දෙකක තරග තහනමක් පැනවීමට බෙන්ගාල ක්‍රිකට් සංගමය පියවර අරන් තියෙනවා. ඔහු ඉදිරිපත් කරපු ලේඛන පරීක්ෂා කිරීමේදී ඔහුගේ සැබෑ වයස සහ වාර්තාගත වයස අතර මාස 27ක පරතරයක් තියෙන බවයි අනාවරණය වෙලා තියෙන්නේ. පසුගිය ජූලි මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරය කරපු ඉන්දීය යොවුන් කණ්ඩායමේ සාමාජිකයෙක් විදියට කටයුතු කරපු රෝහිත්, මේ සිද්ධිය නිසා ඉදිරියේදී පැවැත්වෙන ඕස්ට්‍රේලියානු තරගාවලිය සඳහා වන සංචිතයෙන්ද ඉවත් කරලා තියෙනවා.
මේ වයස වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරපු දීර්ඝ පරීක්ෂණයකින් පස්සේ තවත් ක්‍රීඩකයින් 65 දෙනෙකුට විවිධ දඬුවම් ලැබිලා තියෙනවා. ඒ අතර 2022 වසරේ ලෝක කුසලානය දිනාගත්ත ඉන්දීය යොවුන් කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක රවී කුමාර් ඉන්නවා කියන එක තමයි විශේෂම කාරණය. රවී කුමාර්ගේ සැබෑ වයස සහ ඔහු ඉදිරිපත් කරපු ලේඛන අතර මාස 40කට වැඩි විශාල පරතරයක් තියෙන බවයි පරීක්ෂණවලදී හෙළිවෙලා තියෙන්නේ. ඒ නිසා ඔහුගේ වයස් කාණ්ඩයේ සියලුම වාර්තා අවලංගු කිරීමට බෙන්ගාල ක්‍රිකට් සංගමය තීරණය කරලා තියෙනවා.
මේ වගේ සිදුවීම් ක්‍රිකට් ක්‍රීඩාවේ විනය සහ නීති රීති සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් මතු කරනවා. වයස වංචා කිරීම නිසා දක්ෂ තරුණ ක්‍රීඩකයින්ට අසාධාරණයක් වෙන නිසා, ඉදිරියේදී මෙවැනි දේවල් පාලනය කරන්න ඉන්දීය ක්‍රිකට් ආයතනය තවත් දැඩි පියවර ගනීවි කියලා තමයි ක්‍රිකට් විචාරකයින් කියන්නේ.

Discussion & Feedback