ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක රෝහිත් යාදව්ට වසර දෙකක තරග තහනමක් පැනවීමට බෙන්ගාල ක්‍රිකට් සංගමය පියවර අරන් තියෙනවා. ඔහු ඉදිරිපත් කරපු ලේඛන පරීක්ෂා කිරීමේදී ඔහුගේ සැබෑ වයස සහ වාර්තාගත වයස අතර මාස 27ක පරතරයක් තියෙන බවයි අනාවරණය වෙලා තියෙන්නේ. පසුගිය ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කරපු ඉන්දීය යොවුන් කණ්ඩායමේ සාමාජිකයෙක් විදිහට කටයුතු කරපු රෝහිත්, ඉදිරියේදී පැවැත්වෙන ඕස්ට්‍රේලියානු තරගාවලිය සඳහා නම් කරපු සංචිතයෙන්ද ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කරලා තියෙනවා.
මේ පරීක්ෂණවලදී හෙළි වෙලා තියෙන විදිහට රෝහිත් විතරක් නෙවෙයි, තවත් ක්‍රීඩකයින් 65 දෙනෙක්ම වයස සම්බන්ධ වංචාවලට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ අතර 2022 වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානය දිනාගත්ත ඉන්දීය කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක රවී කුමාර් ද ඉන්නවා. ඔහුගේ සැබෑ වයස සහ ඉදිරිපත් කරපු ලේඛන අතර මාස 40කට වැඩි විශාල පරතරයක් තියෙන බවයි වාර්තා වෙන්නේ. මේ හේතුව නිසා රවී කුමාර්ගේ වයස් කාණ්ඩයේ සියලුම වාර්තා අවලංගු කිරීමටත් බෙන්ගාල ක්‍රිකට් සංගමය තීරණය කරලා තියෙනවා. ක්‍රිකට් ක්‍රීඩාවේ විනය සහ නීති රීති ආරක්ෂා කරගන්න මේ වගේ දැඩි පියවර ගැනීම ඉතා වැදගත් බවයි ක්‍රීඩා විචාරකයින් පෙන්වා දෙන්නේ.

Discussion & Feedback