අනුරාධපුර පූජා නගරය ලෝක මට්ටමේ සංවර්ධන ව්‍යාපෘතියක් බවට පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පියවර ගෙන තිබෙනවා. ඉන්දීය රජයේ සහයෝගය ඇතිව රුපියල් බිලියන 6.5ක වියදමින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය හරහා පූජා නගරයේ පවතින රථවාහන තදබදය අවම කරමින් එය පරිසර හිතකාමී කලාපයක් ලෙස සංවර්ධනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ. විශේෂයෙන්ම බැතිමතුන්ට අටමස්ථානය වැඳපුදා ගැනීම පහසු කිරීම සඳහා විදුලි බස් රථ සේවාවක් හඳුන්වා දීමටත්, පාපැදි සහ පදික මංතීරු ඉදිකිරීමටත් ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා.
මෙම ව්‍යාපෘතියේදී පුරාවිද්‍යාත්මක ස්ථාන හුදෙක් නටබුන් ලෙස නොසලකා ඒවා ජීවමාන ඓතිහාසික ස්ථාන ලෙස සලකා සංවර්ධන කටයුතු සිදු කරන ලෙස ජනාධිපතිවරයා අවධාරණය කළා. පූජා නගරයේ සීමාව වර්ග කිලෝමීටර් 28 සිට 38 දක්වා පුළුල් කිරීමටත්, අභ්‍යන්තර නගරයේ පදිංචි පවුල් 331ක් සඳහා සාධාරණ වන්දි හෝ විකල්ප නිවාස ලබා දෙමින් ඔවුන් නැවත පදිංචි කිරීමටත් පියවර ගන්නා බවයි වාර්තා වන්නේ. යුනෙස්කෝ ආයතනය සහ ඉන්දීය රජය මගින් සිදු කෙරෙන ව්‍යාපෘති කොටස් පැහැදිලිව වෙන් කර ගනිමින්, කිසිදු ප්‍රමාදයකින් තොරව මෙම කටයුතු මේ වසර තුළම ආරම්භ කිරීමට ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

Discussion & Feedback