ඉන්දියාව මේ වන විට තමන්ගේම අධිවේගී බුලට් ට්‍රේන් එකක් හදන්න ලොකු උත්සාහයක නිරත වෙලා ඉන්නවා. ඒ සඳහා ඔවුන් ‘B35’ නමින් අලුත්ම දුම්රිය මාදිලියක් නිර්මාණය කරන අතර, මේ දුම්රියට පැයට කිලෝමීටර් 350ක වේගයකින් ගමන් කරන්න පුළුවන්. ජපානය තමන්ගේ E10 දුම්රිය මාදිලිය හඳුන්වා දීමට සූදානම් වන පසුබිමක, ඉන්දියාවත් 2030 වසර වන විට මෙවැනි දේශීය තාක්ෂණයෙන් යුත් දුම්රිය සේවාවක් ආරම්භ කිරීමටයි සැලසුම් කරලා තියෙන්නේ. මේ සඳහා මුම්බායි – අහමදාබාද් අධිවේගී දුම්රිය ව්‍යාපෘතියට රුපියල් ලක්ෂ දෙකකට අධික දැවැන්ත අයවැයක් වෙන් කරලා තියෙනවා.
මේ ව්‍යාපෘතියේ තවත් විශේෂත්වයක් තමයි ඉන්දියාව විසින්ම නිපදවන ‘B28’ අධිවේගී දුම්රිය සහ ‘භාරත් දුම්රිය පාලන පද්ධතිය’ (BTCS). මේ පද්ධතිය හරහා දුම්රියවල වේගය පාලනය කරන්නත්, දුම්රිය අතර ආරක්ෂිත පරතරය තියාගන්නත් පුළුවන් වෙනවා. කිලෝමීටර් 508ක් පුරා විහිදෙන මේ දුම්රිය මාර්ගය ගුජරාට් සහ මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත හරහා ගමන් කරන අතර, මුම්බායි සහ අහමදාබාද් ඇතුළු ප්‍රධාන නගර 12ක් ඒ හරහා සම්බන්ධ වෙනවා. ඉන්ටෙග්රල් කෝච් ෆැක්ටරි (ICF) සහ භාරත් අර්ත් මූවර්ස් ලිමිටඩ් (BEML) එකතු වෙලා මේ අලුත්ම දුම්රිය පෙට්ටි නිර්මාණය කරනවා. මේ වැඩපිළිවෙළ සාර්ථක වුණොත් ඉන්දියාවේ දුම්රිය ගමනාගමනය අලුත් යුගයකට පිවිසෙනු ඇති බවටයි බොහෝ දෙනා විශ්වාස කරන්නේ.

Discussion & Feedback