ඉන්දියාව තමන්ගේ අභ්යවකාශ ගමන් ඉතිහාසයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් පසුගියදා සනිටුහන් කළා. ඒ ඔවුන්ගේ GSLV Mark II රොකට්ටුව භාවිතයෙන් පෘථිවිය නිරීක්ෂණය කරන අති නවීන EOS-05 චන්ද්රිකාව සාර්ථකව අභ්යවකාශගත කිරීමත් සමඟයි. මෙම චන්ද්රිකාව පෘථිවියේ සිට කිලෝමීටර් 35,786ක් පමණ ඉහළින් පිහිටි භූ-ස්ථායී කක්ෂයකට (geosynchronous orbit) යොමු කිරීමට ඉන්දීය අභ්යවකාශ පර්යේෂණ ආයතනය (ISRO) සමත් වුණා. මෙවැනි උසකින් පෘථිවිය නිරීක්ෂණය කරන පළමු ඉන්දීය චන්ද්රිකාව මෙය වීම විශේෂත්වයක්.
මෙම EOS-05 චන්ද්රිකාව නිර්මාණය කරලා තියෙන්නේ පෘථිවියේ කාලගුණික තත්ත්වයන්, ස්වාභාවික ආපදා සහ දේශසීමා ආශ්රිත ප්රදේශ නිරන්තරයෙන් නිරීක්ෂණය කිරීම සඳහායි. මීට පෙර 2021 වසරේදී මෙවැනිම උත්සාහයක් ගත්තත් එය අසාර්ථක වුණා. නමුත් මෙවර ඉන්දියාව ඉතා සාර්ථකව සිය ඉලක්කය සපුරා ගැනීමට සමත් වුණා. කිලෝග්රෑම් 2367ක් බරැති මෙම චන්ද්රිකාව සිවිල් මෙන්ම හමුදාමය කටයුතු සඳහාත් විශාල දායකත්වයක් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. 2026 වසරේ ඉන්දියාවේ තුන්වන අභ්යවකාශ මෙහෙයුම ලෙස මෙය ඉතිහාසයට එක්වන්නේ ඔවුන්ගේ අභ්යවකාශ තාක්ෂණයේ දියුණුව ලොවටම පෙන්වා දෙමින්.

Discussion & Feedback