ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පවතින මිත්‍රත්ව නල මාර්ගය ඔස්සේ තවත් ඩීසල් තොගයක් බංග්ලාදේශයට ලැබිලා තියෙනවා. මේ යටතේ මෙට්‍රික් ටොන් 4,000ක් හෙවත් ඩීසල් ලීටර් ලක්ෂ 47ක් දිනාජ්පූර් හි පිහිටි පර්බතිපූර් ගබඩාවට ළඟා වුණා. පසුගිය සැප්තැම්බර් 13 වැනිදා ආරම්භ වුණු මෙම ඉන්ධන සැපයුම් කටයුතු සැප්තැම්බර් 15 වැනිදා වන විට සාර්ථකව අවසන් කිරීමට බලධාරීන් කටයුතු කළා. මෙය මෙම නල මාර්ගය හරහා සිදු කෙරුණු 72 වැනි ඉන්ධන තොග බෙදාහැරීම වීම විශේෂත්වයක්.
2018 වසරේ ඇති කරගත්තා වූ ද්විපාර්ශ්වික ගිවිසුමකට අනුව, ඉදිරි වසර 15ක කාලය තුළ ඩීසල් මෙට්‍රික් ටොන් මිලියන 2ක් ආනයනය කිරීමට බංග්ලාදේශය එකඟ වී තිබෙනවා. 2023 මාර්තු මාසයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා විසින් විවෘත කළ මෙම නල මාර්ගය, දෙරට අතර බලශක්ති සහයෝගීතාවයේ සුවිශේෂී සන්ධිස්ථානයක්. මේ වන විටත් මෙම නල මාර්ගය හරහා බංග්ලාදේශය ඩීසල් ටොන් 330,000කට අධික ප්‍රමාණයක් ආනයනය කරලා තියෙනවා.
මෑත කාලයේදී මැදපෙරදිග කලාපයේ ඇති වූ නොසන්සුන්තා හේතුවෙන් ඉන්ධන සැපයුමේ ගැටලු මතු වුණත්, ඉන්දියාවේ සහයෝගය නිසා බංග්ලාදේශයට සිය ඉන්ධන අවශ්‍යතාවය අඛණ්ඩව පවත්වා ගැනීමට හැකි වී තිබෙනවා. විශේෂයෙන්ම පසුගිය අගෝස්තු මාසයේදී බංග්ලාදේශය කළ ඉල්ලීමකට අනුව මෙම අමතර ඉන්ධන තොගය ලබා දීමට ඉන්දියාව පියවර ගත්තා. මෙම නල මාර්ගය වසරකට අධිවේගී ඩීසල් මෙට්‍රික් ටොන් මිලියනයක් ප්‍රවාහනය කිරීමේ හැකියාවෙන් යුක්ත වන අතර, එය දෙරට අතර පවතින ශක්තිමත් සබඳතාවය තවදුරටත් තහවුරු කරනවා.

Discussion & Feedback