ඉන්දියාව තමන්ගේම රටේ නිෂ්පාදිත අමුද්‍රව්‍ය සියයට සියයක්ම යොදාගෙන පළමු AK-203 ‘ෂේර්’ ප්‍රහාරක රයිෆලය සාර්ථකව නිෂ්පාදනය කරලා තියෙනවා. උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ අමේති දිස්ත්‍රික්කයේ පිහිටි ඉන්දු-රුසියානු ඒකාබද්ධ ව්‍යාපෘතියක් වන ‘IRRPL’ ආයතනය මගින් තමයි මේ රයිෆලය නිපදවලා තියෙන්නේ. ඉන්දියාවේ ‘Make in India’ වැඩසටහන යටතේ ලැබුණු ලොකු ජයග්‍රහණයක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. කලින් රුසියාවෙන් ගෙන්වපු කොටස් යොදාගෙන මේ රයිෆල් හැදුවට, දැන් ඉන්දියාවේම නිෂ්පාදිත අමුද්‍රව්‍ය පාවිච්චි කරලා සම්පූර්ණයෙන්ම දේශීයව මේවා හදන්න පුළුවන් වෙලා තියෙනවා.
මේ අලුත්ම රයිෆලය දැනටමත් සාර්ථකව වෙඩි තැබීමේ පරීක්ෂණවලට ලක් කරලා තියෙනවා. ඉන්දීය හමුදාව සතුව තිබෙන පැරණි INSAS රයිෆල් වෙනුවට මේ නවීන AK-203 රයිෆල් ලක්ෂ හයකට වඩා ලබා දෙන්න තමයි ඉන්දියාව සැලසුම් කරලා තියෙන්නේ. 2026 සැප්තැම්බර් මාසයේදී මේ රයිෆල්වල තවත් අත්හදා බැලීම් සිදු කරන්න නියමිතයි. ඒ විතරක් නෙවෙයි, මේ රයිෆල්වලට අවශ්‍ය උණ්ඩ පවා දේශීයව නිෂ්පාදනය කරන්න අදානි ඩිෆෙන්ස් ආයතනයත් එක්ක ගිවිසුම් අත්සන් කරලා තියෙනවා. මේ පියවරත් එක්ක ඉන්දියාවේ ආරක්ෂක උපකරණ නිෂ්පාදන ක්ෂේත්රය තවත් ශක්තිමත් වෙලා තියෙනවා කියලා අපිට පැහැදිලිවම දකින්න පුළුවන්.

Discussion & Feedback