පාකිස්තානයේ නිෂ්පාදිත ‘ගෝරි බියුටි ක්‍රීම්’ (Goree Beauty Cream) සහ ‘චාන්දනී වයිට්නින් ක්‍රීම්’ (Chandni Whitening Cream) යන සම පැහැපත් කරන ආලේපන වර්ග දෙකක් භාවිතයෙන් වළකින ලෙස ඉන්දීය මධ්‍යම ඖෂධ ප්‍රමිති පාලන සංවිධානය (CDSCO) එරට ජනතාවට දැඩි ලෙස අවවාද කර තිබෙනවා. සිදුකළ පරීක්ෂණවලදී මෙම ආලේපන තුළ ශරීරයට අහිතකර බැර ලෝහ අධික ලෙස අඩංගු බව තහවුරු වී ඇති අතර, මේවා ඉන්දියාව තුළ අලෙවි කිරීම සඳහා කිසිදු නීත්‍යානුකූල අවසරයක් හෝ ලියාපදිංචියක් ලබාගෙන නොමැති බවයි බලධාරීන් පවසන්නේ.
මෙම ආලේපනවල අඩංගු බැර ලෝහ වර්ග දිගින් දිගටම සම මත ආලේප කිරීමෙන් වකුගඩු ආබාධ සහ ස්නායු පද්ධතියට හානි සිදුවීමේ අවදානමක් පවතින බව විශේෂඥයන් පෙන්වා දෙනවා. මේ වන විටත් මෙම නිෂ්පාදන ඉන්දීය වෙළෙඳපොළට ඇතුළු වී ඇත්තේ කෙසේද යන්න පිළිබඳව විමර්ශන සිදුවෙමින් පවතින අතර, අදාළ ආලේපන අලෙවි කිරීම, බෙදා හැරීම හෝ ප්‍රචාරණය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. එබැවින්, තමන් මිලදී ගන්නා ආලේපනවල ප්‍රමිතිය පිළිබඳව වඩාත් සැලකිලිමත් වන ලෙසත්, අනවසරයෙන් අලෙවි කරන මෙවැනි ආලේපන භාවිතයෙන් වළකින ලෙසත් ඉන්දීය සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Discussion & Feedback