ඉන්දියාවේ නන්දග්රෑම් එක්ස්ප්‍රස් දුම්රියේ පළමු පන්තියේ වායුසමනය කළ මැදිරියක් අලුත විවාහ වූ යුවළක් වෙනුවෙන් මධුසමය කාමරයක් ලෙස අලංකාර කිරීමේ සිදුවීමක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ ලොකු කතාබහකට ලක්වෙලා තියෙනවා. ජල්නා දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කළ මේ යුවළ වෙනුවෙන් පෞද්ගලික සැරසිලි සමාගමක් විසින් මැදිරිය ඇතුළත බැලූන්, මල් සහ රෝස පෙති දහස් ගණනකින් සරසා තිබුණා. ඒ වගේම මැදිරිය ඇතුළේ ‘I Love You’ කියලා ලොකු අකුරින් සඳහන් කරලත් තිබුණා. මේ දර්ශන ඇතුළත් වීඩියෝ සමාජ මාධ්‍යවල සැරිසරන්න පටන් ගත්තට පස්සේ තමයි මේ ගැන හැමෝම දැනගත්තේ.
මේ සිදුවීම සම්බන්ධයෙන් ඉන්දීය දුම්රිය බලධාරීන් දැඩි පියවරක් අරගෙන තියෙනවා. දුම්රිය රෙගුලාසිවලට පටහැනිව අවසරයකින් තොරව සැරසිලි කරුවන් මැදිරියට ඇතුළු වීම නිසා එම අවස්ථාවේ රාජකාරියේ නිරතව සිටි ප්‍රධාන ටිකට් පරීක්ෂකවරයාව වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනම් කිරීමට පියවර ගත්තා. මේ සැරසිලි කරුවන් මැදිරියට ඇතුළු වුණේ කොහොමද සහ මේ සඳහා වෙනත් නිලධාරීන්ගේ සහය ලැබුණාද කියලා සොයා බලන්න මේ වන විටත් විශේෂ විමර්ශනයක් ආරම්භ කරලා තියෙනවා.
මේ සිදුවීම ගැන සමාජ මාධ්‍යවල විවිධ අදහස් පළවෙනවා. සමහරු මේක හරිම ආදරණීය වැඩක් කියලා කිව්වත්, තවත් පිරිසක් කියන්නේ මහජන ප්‍රවාහන සේවයක ආරක්ෂාව සහ පිරිසිදුකම ගැන හිතන්නේ නැතුව මෙවැනි දේවල් කිරීම කිසිසේත්ම අනුමත කරන්න බැරි බවයි. කොහොම වුණත්, දුම්රිය බලධාරීන් මේ සිදුවීම ඉතා බරපතළ ලෙස සලකා ඉදිරියේදී මෙවැනි දේවල් වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා බවයි වාර්තා වෙන්නේ.

Discussion & Feedback