ඉන්දියාවේ විදුලි සංදේශ නියාමන අධිකාරිය විසින් ස්පෑම් ඇමතුම් පාලනය කිරීම සඳහා ගෙන තිබෙන නව තීරණයක් මේ වන විට තාක්ෂණික ලෝකයේ ලොකු කතාබහකට ලක්වෙලා තියෙනවා. ඒ අනුව, ටෘකෝලර් (Truecaller) වැනි ඇමතුම් හඳුනාගැනීමේ ඇප් (Caller-ID apps) භාවිතා කරන පරිශීලකයන් විසින් වාර්තා කරන ස්පෑම් ඇමතුම් පිළිබඳ තොරතුරු, අනිවාර්යයෙන්ම විදුලි සංදේශ සමාගම්වල බ්ලොක්චේන් පද්ධතියට ලබා දිය යුතු බවට නීති පනවා තිබෙනවා. ස්පෑම් ඇමතුම් සහ වංචනික ඇමතුම් විශාල වශයෙන් ඉහළ යාම පාලනය කිරීම මෙහි ප්‍රධාන අරමුණයි. පසුගිය වසරේදී පමණක් ඉන්දියාවේ ටෘකෝලර් පරිශීලකයන් බිලියන 42ක පමණ ස්පෑම් ඇමතුම්වලට මුහුණ දී තිබීමෙන් මේ ගැටලුවේ බරපතලකම හොඳින්ම පැහැදිලි වෙනවා.
කෙසේ වෙතත්, මෙම තීරණයට ටෘකෝලර් සමාගම සිය දැඩි විරෝධය පළ කරනවා. ඔවුන් පවසන්නේ මෙය තරඟකාරීත්වයට බාධාවක් බවත්, තමන්ගේ වටිනා දත්ත විදුලි සංදේශ සමාගම් වෙත බලහත්කාරයෙන් ලබා දීමට සිදුවීම අසාධාරණ බවත්ය. විශේෂයෙන්ම ඉන්දියාව යනු ටෘකෝලර් සමාගමේ විශාලතම වෙළඳපොළ වන නිසා, මෙම නීතිය ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතුවලට විශාල බලපෑමක් එල්ල කරනවා. මේ අතර, ඇතැම් රජයේ අංක මාලාවලින් එන ඇමතුම් ස්පෑම් ලෙස නම් කිරීම තහනම් කර තිබීම නිසා, ස්පෑම් ඇමතුම් පාලනය කිරීම තවදුරටත් අපහසු වී ඇති බවත් එම සමාගම පෙන්වා දෙනවා. කෙසේ වෙතත්, නියාමන අධිකාරිය පවසන්නේ පරිශීලකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර අත්‍යවශ්‍ය බවයි.

Discussion & Feedback