ඉන්දීය ජනතාවගේ සුහදශීලී තිළිණයක් විදිහට ගාල්ල ජාතික රෝහලට අති නවීන ජල පිරිපහදු යන්ත්‍ර දහයක් ලබාදීමට ඉන්දීය රජය පියවර අරන් තියෙනවා. මේ විශේෂ වැඩසටහන පසුගිය අගෝස්තු 29 වැනිදා ඉතා උත්සවාකාරයෙන් පැවැත්වුණා. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ වැඩබලන මහ කොමසාරිස් මෛත්‍රී කුල්කර්ණී මහත්මිය සහ හම්බන්තොට ඉන්දීය කොන්සල් ජනරාල් හර්වින්දර් සිං මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වුණා. ඔවුන් විසින් මෙම යන්ත්‍ර තොගය ගාල්ල ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා වෙත නිල වශයෙන් භාර දුන්නා.
මේ ජල පිරිපහදු යන්ත්‍ර රෝහලේ හඳුනාගත් ස්ථාන කිහිපයකම ස්ථාපනය කරන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ. ඒ වගේම රෝහලේ ප්‍රධාන දොරටුව අසල ස්ථාපනය කරපු පළමු යන්ත්‍රයත් එදිනම ජනතා අයිතියට පත් කළා. රෝහලට එන රෝගීන්ට සහ ඔවුන්ගේ නෑදෑ හිතවතුන්ට පිරිසිදු පානීය ජලය ලබාගැනීමේ පහසුකම මේ හරහා ඉතා පහසුවෙන් සලසා ගන්න පුළුවන් වෙනවා.
මේ අතරතුර, ඉන්දීය දූත පිරිස රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය (ETU) සහ හදිසි ප්‍රතිකාර මධ්‍යස්ථානය (ETC) ඇතුළු අංශ කිහිපයක නිරීක්ෂණ චාරිකාවකත් නිරත වුණා. රෝහලේ පවතින පහසුකම් සහ රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන ආකාරය ගැන ඔවුන් මෙහිදී විශේෂ අවධානයක් යොමු කළා. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින මේ වගේ සුහද සබඳතා නිසා අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්රයට විශාල පිටුවහලක් ලැබෙන බව නම් පැහැදිලියි.

Discussion & Feedback