මාර්වල් සිනමා ලෝලීන්ට තවත් සති දෙකකින් ඉතාමත් තීරණාත්මක කාලයක් උදාවෙනවා. ජූලි 25 වෙනිදා පැවැත්වෙන සැන් ඩියාගෝ කොමික්-කොන් (SDCC) උළෙලේදී මාර්වල් ස්ටූඩියෝස් විසින් ඔවුන්ගේ ඉදිරි සැලසුම් පිළිබඳව ලොකු හෙළිදරව් කිරීමක් කරන්න නියමිතයි. විශේෂයෙන්ම ‘Avengers: Doomsday’ චිත්රපටය වටා මේ දිනවල ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා. රුසෝ සහෝදරයන් සහ ප්රධාන නළු නිළියන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මේ උත්සවයේදී චිත්රපටයේ ට්රේලරය ප්රදර්ශනය කිරීමටත්, සමහරවිට ‘Avengers: Secret Wars’ පිළිබඳ තවත් රහස් එළිදැක්වීමටත් ඉඩ තියෙනවා.
මේ අතරතුර ‘Spider-Man: Brand New Day’ චිත්රපටය ගැනත්, ‘VisionQuest’ සහ ‘Daredevil: Born Again’ වැනි ටෙලි කතා මාලා ගැනත් අලුත් තොරතුරු දැනගන්න ලැබෙයි. ඒ විතරක් නෙවෙයි, මාර්වල් රසිකයන් බොහෝ දෙනෙක් බලාගෙන ඉන්න ‘Black Panther 3’ සහ ‘X-Men’ රිබූට් එකේ නළු නිළියන් කවුද කියන එක ගැනත් නිල නිවේදනයක් මේ උත්සවයේදී බලාපොරොත්තු වෙන්න පුළුවන්. කෙවින් ෆයිගී සහ ඔහුගේ කණ්ඩායම අනිවාර්යයෙන්ම රසිකයන්ව පුදුමයට පත් කරන යම් විශේෂ නිවේදනයක් අතේ තියාගෙන ඉන්නවා ඇති.
2026 සහ 2027 වසර මාර්වල් සිනමා විශ්වයට ඉතාමත් තීරණාත්මකයි. මේ උත්සවයෙන් පස්සේ මාර්වල් සිනමා විශ්වයේ ඉදිරි ගමන් මග ගැන පැහැදිලි චිත්රයක් අපිට බලාගන්න පුළුවන් වෙයි. ඒ නිසා මාර්වල් රසිකයන් හැමෝම මේ දින දෙකේදී ලැබෙන අලුත්ම තොරතුරු ගැන ඇහැ ගහගෙන ඉන්න එක වටිනවා.

Discussion & Feedback