ඔබ ගූගල් සර්ච් (Google Search) භාවිතා කරන කෙනෙක් නම්, ඔබ නොදැනුවත්වම ඔබේ පෞද්ගලික දත්ත ගූගල් සමාගමේ AI මාදිලි පුහුණු කිරීම සඳහා යොදාගන්නා බව ඔබ දන්නවාද? මෑතකදී ගූගල් සමාගම සිය රහස්‍යතා ප්රතිපත්තිවල සිදුකළ යාවත්කාලීන කිරීමක් හරහා, ඔබ සර්ච් කරන දේවල්, ඔබ අප්ලෝඩ් කරන ඡායාරූප, හඬ පටිගත කිරීම් සහ වීඩියෝ වැනි දත්ත ඔවුන්ගේ AI තාක්ෂණය දියුණු කිරීමට ගබඩා කරගැනීමට පටන් අරන් තියෙනවා. ගූගල් ලෙන්ස් (Google Lens) හරහා ඔබ සොයන දේවල් හෝ ගූගල් ට්‍රාන්ස්ලේට් (Google Translate) හරහා ඔබ කරන හඬ පටිගත කිරීම් පවා මේ සඳහා යොදාගන්නා බවයි පැවසෙන්නේ.
මේ තත්ත්වය පාලනය කරගන්න ඔබට හැකියාව තියෙනවා. ගූගල් ගිණුමේ ‘Search Services History’ සහ ‘Personalized Recommendations’ යන සැකසුම් වෙත ගොස් ඔබට මේ දත්ත ගබඩා කිරීම අක්‍රිය කරන්න පුළුවන්. එහිදී ‘Save Media’ යන කොටස ඉවත් කිරීමෙන් ඔබේ ඡායාරූප හෝ හඬ පටිගත කිරීම් AI පුහුණුවට යොදාගැනීම වළක්වාගන්න පුළුවන්. ඒ වගේම ඔබේ දත්ත කොපමණ කාලයක් ගබඩා විය යුතුද යන්නත් (මාස 3, 18 හෝ 36) ඔබටම තීරණය කරන්න අවස්ථාව තියෙනවා. ඔබේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගන්න නම් වහාම ඔබේ ගූගල් ගිණුමේ මේ සැකසුම් පරීක්ෂා කර බැලීම ඉතාම වැදගත්.
මෙම වෙනස්කම් ගූගල් සර්ච් පමණක් නොව මැප්ස් (Maps), ෂොපින් (Shopping) සහ නිවුස් (News) වැනි සේවාවන්ටත් බලපානවා. තාක්ෂණික සමාගම් දත්ත රැස් කිරීමේ නව ක්‍රමවේද අනුගමනය කරන නිසා, ඔබ භාවිතා කරන සෑම සේවාවකම රහස්‍යතා සැකසුම් ගැන නිරන්තරයෙන් අවධානයෙන් සිටීම අනාගතයේදී ඔබටම වාසිදායක වේවි.

Discussion & Feedback