ග්රීසියේ තෙසලෝනිකි සිට ජර්මනිය බලා පියාසර කරමින් තිබූ රයන් එයාර් (Ryanair) ගුවන් යානයක සිදුවූ බිහිසුණු අනතුරක් ගැන මේ දිනවල ලෝකයම කතා වෙනවා. ගුවන් යානයේ එන්ජිමේ කොටසක් කැඩී ගොස් ජනේලයක වැදීම නිසා ඇතිවූ පීඩනයත් සමඟ යානයේ ජනේලයක් ගැලවී ගියා. මේ වෙලාවේ යානයේ සිටි 61 හැවිරිදි පුද්ගලයෙක් ජනේලයෙන් පිටතට ඇදී ගිය අතර, ඔහුගේ බිරිඳ වන ස්වෙට්ලානා ග්රොකොවිච් වහාම ක්රියාත්මක වෙලා සැමියාගේ කකුල් දෙකෙන් තදින් අල්ලාගෙන ඔහුව බේරාගෙන තියෙනවා. “අපි මැරෙනවා නම් මැරෙන්නේ එකට” කියලා හිතාගෙන ඇය කළ ඒ නිර්භීත ක්රියාව නිසා තවත් මගීන් දෙදෙනෙකුගේ උදව්වෙන් ඔහුව නැවත යානය ඇතුළට ඇදගන්න පුළුවන් වුණා.
මේ අනතුර සිදුවන අවස්ථාවේ යානය අඩි 9,000ක් පමණ පහළට කඩා වැටී තිබෙනවා. යානය ඇතුළත වායු පීඩනය හදිසියේම වෙනස් වීම නිසා මගීන් දැඩි බියකට පත්වුණා. තුවාල ලැබූ සැමියා මේ වන විට රෝහල්ගත කර සිටින අතර, ඔහුගේ අතකට බරපතළ තුවාල සිදුවී තිබෙනවා. ඔහු තවමත් කම්පනයෙන් පසුවන නිසා සිදුවූ දේ ගැන මතකයක් නැති බවයි බිරිඳ පවසන්නේ. මේ සිදුවීම සම්බන්ධයෙන් ගුවන් සේවා බලධාරීන් සහ බෝයිං සමාගම එක්ව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ගුවන් යානයක ජනේලයක් ගැලවී යාම වැනි මෙවැනි අනතුරක් සිදුවීම ඇත්තටම අදහාගත නොහැකි තරම් බිහිසුණු අත්දැකීමක්.

Discussion & Feedback