ඔබේ iPhone, iPad හෝ Mac පරිගණකයට රජයේ මට්ටමේ ඔත්තු බැලීමේ මෘදුකාංග (Spyware) ප්‍රහාරයක් එල්ල වී ඇති බවට Apple සමාගමෙන් ඔබට දැනුම්දීමක් ලැබුණොත්, එය කිසිසේත්ම නොසලකා හරින්න එපා. ලොව පුරා රටවල් 150කට අධික සංඛ්‍යාවක සිටින පරිශීලකයින් ඉලක්ක කර ගනිමින් Apple සමාගම මේ වන විටත් මෙවැනි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඔබේ දුරකථනයේ ලොක් ස්ක්‍රීන් එක මතම මේ පිළිබඳව දැනුම්දීමක් ලැබෙන අතර, එයින් ඔබේ දත්ත සහ උපාංගය ආරක්ෂා කර ගැනීමට ගත යුතු පියවර මොනවාද යන්න පැහැදිලිව පෙන්වා දෙනවා.
මෙවැනි පණිවිඩයක් ලැබුණු සැණින් ඔබ කලබල විය යුතු නැතත්, එය ඉතා බැරෑරුම් ලෙස සලකා කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. Apple සමාගම පවසන පරිදි, මෙවැනි අවස්ථාවකදී ඔබේ උපාංගයේ ‘Lockdown Mode’ සක්‍රීය කිරීම ඉතාම වැදගත්. මේ දක්වා Lockdown Mode සක්‍රීය කර තිබූ කිසිදු උපාංගයක් හැක් කිරීමට කිසිවෙකුටත් හැකි වී නැහැ. මෙම දැනුම්දීම් මගින් ඔබට අවශ්‍ය උපකාර ලබාගත හැකි ස්ථාන පිළිබඳවත් මගපෙන්වීම් ලබා දෙනවා.
ඩිජිටල් ආරක්ෂක විශේෂඥයින් පවසන්නේ, Apple සමාගමේ මෙම පියවර නිසා ලොව පුරා සිදුවන ඔත්තු බැලීමේ ප්‍රහාර හෙළිදරව් කර ගැනීමට විශාල පිටුවහලක් ලැබී ඇති බවයි. විශේෂයෙන්ම සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන් ඉලක්ක කර ගනිමින් සිදුවන මෙවැනි ප්‍රහාර හඳුනා ගැනීමට මෙය කදිම ක්‍රමයක්. එබැවින් ඔබේ දුරකථනයට මෙවැනි පණිවිඩයක් ලැබුණහොත්, වහාම ක්‍රියාත්මක වී ඔබේ ගිණුම්වල ආරක්ෂාව තහවුරු කර ගැනීමට පියවර ගන්න.

Discussion & Feedback