නෙට්ෆ්ලික්ස් ආයතනය විසින් නිෂ්පාදනය කරන අලුත්ම සජීවීකරණ ෆැන්ටසි චිත්‍රපටය වන ‘Steps’ සඳහා ලොව ප්‍රකට හොලිවුඩ් තරු කිහිපයක්ම එකතු වෙලා තියෙනවා. මේ චිත්‍රපටය සුප්‍රසිද්ධ සින්ඩරෙල්ලා කතාවේ වෙනස්ම පැතිකඩක් පෙන්වන එකක්. මෙහිදී සින්ඩරෙල්ලාගේ සුළු මවගේ දියණියන් දෙදෙනා විසින් සුරංගනා මවගේ මැජික් සැරයටිය සොරාගැනීම නිසා රාජධානියට සිදුවන අකරතැබ්බයන් ගැන තමයි කතාව ගෙතෙන්නේ. මේ වික්‍රමාන්විත ගමනේදී සින්ඩරෙල්ලා සහ ඇගේ සහායිකාවන් රාජධානිය බේරගන්න දරන උත්සාහය හරිම කුතුහලයෙන් යුතුව බලාගන්න පුළුවන්.
මේ චිත්‍රපටයේ විශේෂත්වය තමයි හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රධාන චරිතය රඟපෑ ඩැනියෙල් රැඩ්ක්ලිෆ් කුමාරයාගේ හඬින් දායක වීම. ඒ වගේම ගේම් ඔෆ් ත්‍රෝන්ස් හි ටිරියන් ලැනිස්ටර් ලෙස ජනප්‍රිය වුණු පීටර් ඩික්ලේජ් මෙහි ‘රොඩ්රික්’ නම් අමුතුම චරිතයකට පණ පොවනවා. ඒ විතරක් නෙවෙයි, ‘ද ලාස්ට් ඔෆ් අස්’ තරුවක් වන යන්ග් මැසිනෝ ද මෙයට එක්වෙලා තියෙනවා. අධ්‍යක්ෂකවරුන් පවසන විදිහට මේ නළු නිළියන් තිදෙනා චිත්‍රපටයට එකතු කරගත්තේ ඔවුන්ගේ සුවිශේෂී රංගන හැකියාවන් සහ හාස්‍යය මුසු රංගන විලාසය නිසායි.
නෙට්ෆ්ලික්ස් ඇනිමේෂන් ස්ටුඩියෝස් විසින් සම්පූර්ණයෙන්ම නිෂ්පාදනය කරන පළමු සජීවීකරණ චිත්‍රපටය මෙය වීමත් විශේෂත්වයක්. මේ වන විටත් ප්‍රේක්ෂකයින් අතර ලොකු කතාබහක් ඇති කරලා තියෙන ‘Steps’ චිත්‍රපටය, ෆැන්ටසි ලෝලීන්ට අලුත්ම අත්දැකීමක් ලබා දෙනු නොඅනුමානයි.

Discussion & Feedback