ඇමරිකාවේ ආගමන විගමන සහ රේගු බලාත්මක කිරීමේ ඒජන්සිය (ICE) විසින් තම නිලධාරීන් සඳහා විදුලි සැර වැදෙන විශේෂ අත්වැසුම් කට්ටලයක් මිලදී ගැනීමට සූදානම් වෙනවා. මේ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 20ක් පමණ වැය කිරීමට නියමිතයි. ‘GLOVE’ ලෙස හඳුන්වන මෙම උපකරණය මගින් වෝල්ට් 380ක විදුලි සැරක් නිකුත් කළ හැකි අතර, එය සාමාන්‍ය විදුලි පේනුවකින් ලැබෙන විදුලි සැර මෙන් තුන් ගුණයක්. සැකකරුවන් පාලනය කිරීම සඳහා වේදනාව උපයෝගී කරගන්නා මෙම ක්‍රමය, ටේසර් තුවක්කුවලට වඩා වෙනස් වන්නේ එය සම සමඟ ස්පර්ශ වූ විට පමණක් ක්‍රියාත්මක වන නිසයි.
කෙසේ වෙතත්, මෙම තීරණය සම්බන්ධයෙන් මානව හිමිකම් සංවිධාන දැඩි විරෝධයක් පළ කරනවා. ඇමරිකානු සිවිල් නිදහස පිළිබඳ සංගමය (ACLU) පවසන්නේ, දැනටමත් බලහත්කාරී ලෙස කටයුතු කරන බවට චෝදනා එල්ල වී ඇති ICE ආයතනයට මෙවැනි උපකරණ ලබාදීම ඉතා භයානක බවයි. විශේෂයෙන්ම වැඩිහිටියන්, කුඩා දරුවන් සහ ගර්භනී කාන්තාවන් වැනි අය සම්බන්ධයෙන් මෙම අත්වැසුම් භාවිතය ඉතා අවදානම් සහගත බව නිෂ්පාදකයන් පවා පවසා තිබෙනවා. මේ වන විටත් ඇමරිකාවේ ඇතැම් පොලිස් ඒජන්සි මෙම අත්වැසුම් භාවිතා කළත්, ICE ආයතනය විසින් සිදු කිරීමට යන මෙම විශාලතම මිලදී ගැනීම පිළිබඳව සමාජයේ දැඩි කතාබහක් ඇතිවෙලා තියෙනවා.

Discussion & Feedback