ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ (ICC) ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන්ව ඔහුගේ තනතුරෙන් ඉවත් කිරීමට එම අධිකරණයේ සාමාජික රටවල් තීරණය කරලා තියෙනවා. ඔහුට එරෙහිව එල්ල වෙලා තියෙන්නේ අධිකරණයේ සේවය කරන කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකාවකට ලිංගික අතවර කළා කියන බරපතළ චෝදනාවයි. මේ සම්බන්ධයෙන් පැවැත්වුණු ඡන්ද විමසීමේදී බහුතරයකගේ කැමැත්ත මත ඔහුව ඉවත් කිරීමට තීරණය වුණා. කෙසේ වෙතත්, කරීම් ඛාන් තමන්ට එල්ල වෙලා තියෙන මේ සියලුම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරනවා. තමන්ට එරෙහිව ගත් මේ තීරණය අසාධාරණ බව පවසන ඔහු, නීතිමය ක්‍රියාමාර්ග හරහා මේ තීරණයට අභියෝග කරන බව ඔහුගේ නීතිඥයන් මාධ්‍යයට ප්‍රකාශ කරලා තියෙනවා.
මේ සිදුවීම නිසා ජාත්‍යන්තර අපරාධ අධිකරණය මේ වන විට ලෝකයේම අවධානයට ලක්වෙලා තියෙනවා. විශේෂයෙන්ම ගාසා තීරයේ යුද අපරාධ සම්බන්ධයෙන් ඊශ්‍රායල බලධාරීන්ට එරෙහිව වරෙන්තු නිකුත් කිරීමට ඛාන් කටයුතු කිරීමත් සමඟ, ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයක් ඔහුට එරෙහිව දැඩි මතයක හිටියා. මේ තත්ත්වය මත අධිකරණයේ ස්වාධීනත්වය සහ අනාගතය පිළිබඳව ලොකු සැකයක් මතුවෙලා තියෙනවා. මේ වන විටත් බ්‍රිතාන්‍යයේ නීතිඥ වෘත්තියේ නිරත වීමෙන් ඔහුව තාවකාලිකව අත්හිටුවා තිබෙන අතර, ඇමරිකාව විසින් පනවා ඇති සම්බාධක නිසා ඔහුට ඇමරිකාවට ඇතුළු වීමට පවා අවසර ලැබුණේ නැහැ. ඉදිරියේදී මේ සිදුවීම ජාත්‍යන්තර අධිකරණ පද්ධතියේ විශාල වෙනස්කම් රැසකට මුල පුරාවිද කියන එක තමයි දැන් ලෝකයේම කතාබහට ලක්වෙලා තියෙන්නේ.

Discussion & Feedback