2027 වසරේදී පැවැත්වීමට නියමිතව තිබූ මංගල ICC කාන්තා ක්‍රිකට් ශූරතාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමේ අවස්ථාව අපට අහිමි වෙලා තියෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලන කටයුතු සම්බන්ධයෙන් රජය මැදිහත් වීම සහ පවතින ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. ක්‍රිකට් ආයතනයේ පරිවර්තන කමිටුවේ ලේකම් ප්‍රකාශ් ෂාෆ්ටර් මහතාත් මේ බව තහවුරු කර තිබෙනවා. මේ වන විට ක්‍රිකට් ආයතනය පාලනය වෙන්නේ රජය විසින් පත් කළ කමිටුවක් මගින් නිසා, ICC රැස්වීම්වලට සහභාගී වීමට පවා ශ්‍රී ලංකා නියෝජිතයන්ට අවසර ලැබෙන්නේ නැහැ.
මෙම තරගාවලිය වෙනත් රටක පැවැත්වීමට තීරණය කර තිබුණත්, එය කුමන රටක පැවැත්වේද යන්න තවමත් නිශ්චිත නැහැ. මේ තීරණය නිසා ශ්‍රී ලංකාවට විශාල මූල්‍යමය පාඩුවක් සිදුවන අතර, සංචාරක කර්මාන්තයට සහ ක්‍රිකට් ආයතනයේ ආදායම් මාර්ගවලටත් එය සෘජුවම බලපානවා. විශේෂයෙන්ම, තරගාවලියට සත්කාරකත්වය ලබාදීම හරහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබීමට තිබූ ස්වයංක්‍රීය සුදුසුකම් ලැබීමේ අවස්ථාවත් මේ නිසා අවදානමකට ලක්වෙලා තියෙනවා. මීට පෙර 2024 වසරේදී පැවැති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියත් මෙවැනිම හේතු මත ශ්‍රී ලංකාවෙන් ඉවත් කර දකුණු අප්‍රිකාවට ලබා දුන්නා. කෙසේ වෙතත්, ICC විසින් මේ සම්බන්ධයෙන් තවමත් නිල නිවේදනයක් නිකුත් කර නැහැ.

Discussion & Feedback