2027 වසරේ පැවැත්වෙන අයි.සී.සී. පිරිමි එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකාව ඇතුළු කණ්ඩායම් 10ක් කෙළින්ම සුදුසුකම් ලබා ගැනීමට සමත් වෙලා තියෙනවා. ලෝක කුසලාන තරගාවලියට සෘජුවම සුදුසුකම් ලැබීමේ අවස්ථාව හිමිවෙන්නේ සැප්තැම්බර් 30 වනදා වන විට අයි.සී.සී. එක්දින ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ ඉන්න කණ්ඩායම් අටටයි. මේ අනුව ශ්‍රී ලංකාව සමඟින් ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, නවසීලන්තය, පාකිස්තානය, එංගලන්තය, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල් ශ්‍රේණිගත කිරීම් හරහා තම ස්ථානය තහවුරු කරගෙන තියෙනවා.
අයර්ලන්තයට එරෙහිව ලැබූ විශිෂ්ට ජයග්‍රහණයත් සමඟ ඇෆ්ගනිස්ථානය අවසන් වරට සුදුසුකම් ලැබූ කණ්ඩායම බවට පත් වුණා. තරගාවලියේ සම සත්කාරක රටවල් වන දකුණු අප්‍රිකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් දෙක ස්වයංක්‍රීයවම තරගාවලියට සුදුසුකම් ලබනවා. මේ අතර, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට මෙවර සෘජුවම සුදුසුකම් ලැබීමේ අවස්ථාව අහිමි වී ඇති අතර, ඔවුන්ට ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය හරහා තම ස්ථානය වෙන් කර ගැනීමට සිදුවනු ඇති.
2027 ලෝක කුසලාන තරගාවලිය දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ සහ නැමීබියාව යන රටවල් තුනේදී පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා කණ්ඩායම මේ ආකාරයෙන් සෘජුවම සුදුසුකම් ලැබීම ක්‍රිකට් ලෝලීන් අතර ලොකු කතාබහක් ඇති කර තිබෙන අතර, ඉදිරි තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම කෙබඳු සූදානමක් පෙන්වයිද යන්න දැන් බොහෝ දෙනා බලා සිටිනවා.

Discussion & Feedback