ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය තුළ සිදුවූ බව කියන තරග පාවාදීමේ සිද්ධීන් සම්බන්ධයෙන් මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) දූෂණ මර්දන ඒකකය දැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න ICC දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානී ඇන්ඩෲ එෆ්ග්‍රේව් සහ එහි ස්වාධීන සභාපති සුමති ධර්මවර්ධන මහත්වරුන් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සහ ක්‍රීඩා විමර්ශන ඒකකයේ ප්‍රධානී සහකාර පොලිස් අධිකාරී චානක ද සිල්වා මහතා හමුවී තිබෙනවා. පවතින පරීක්ෂණවලට අවශ්‍ය තාක්ෂණික සහාය සහ බුද්ධි තොරතුරු ලබාදීම පිළිබඳව මෙහිදී විශේෂයෙන්ම සාකච්ඡා කර ඇති බවයි වාර්තා වෙන්නේ.
පසුගිය දිනවලදී යාපනය කිංග්ස් කණ්ඩායමේ සම හිමිකරු මන්ජෝත් කාල්රා සහ තවත් ඉන්දීය ජාතිකයෙක් ක්‍රීඩකයන්ව තරග පාවාදීම්වලට පොළඹවා ගැනීමට උත්සාහ කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගනු ලැබුවා. ඔවුන් සතුව තිබී රුපියල් මිලියන 9.5ක මුදලක් ද සොයා ගැනීමට පොලිසිය සමත් වුණා. මේ සිද්ධියත් එක්ක ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ විශ්වසනීයත්වය ගැන ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා. ක්‍රීඩා ඇමතිවරයා මෙහිදී ICC සහාය ඉල්ලා සිටියේ ශ්‍රී ලංකාවේ පරීක්ෂණ කටයුතු වඩාත් විධිමත් කරමින් ඉදිරියට ගෙන යාමටයි. මේ සම්බන්ධයෙන් ඉදිරියේදී තවත් තොරතුරු ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Discussion & Feedback