දකුණු අප්‍රිකාවේ උපන් බව පවසන සුරූපිනියක් වන චිඩිමා ඇඩෙට්ෂිනා, මේ දිනවල එරටින් පිටුවහල් කිරීමේ උත්සාහයකට එරෙහිව නීතිමය සටනක නිරත වෙමින් ඉන්නවා. ඇය 2024 වසරේදී පැවති මිස් සවුත් ඇෆ්රිකා තරගාවලියට ඉදිරිපත් වීමත් සමඟ ඇගේ පුරවැසිභාවය පිළිබඳ ගැටලු මතු වුණා. ඇගේ මව මොසැම්බික් සම්භවයක් ඇති අයෙක් වීම සහ පියා නයිජීරියානු ජාතිකයෙක් වීම නිසා ඇගේ අනන්‍යතා ලේඛන පවා බලධාරීන් විසින් අහෝසි කර තිබෙනවා. මේ වන විට ඇය තමන්ව අසාධාරණ ලෙස ඉලක්ක කර ඇති බවත්, තමන් දකුණු අප්‍රිකාවේ උපන් අයෙක් බවත් නැවත නැවතත් අවධාරණය කරනවා.
කේප් ටවුන් අධිකරණයේදී පැවති නඩු විභාගයකින් පසුව අදහස් දක්වමින් ඇය කියා සිටියේ, තමන්ව ආදර්ශයට ගනිමින් බලධාරීන් අසාධාරණ ලෙස කටයුතු කරන බවයි. එරට පවතින සංක්‍රමණික විරෝධී මතවාද සහ වැරදි තොරතුරු නිසා තමන්ට සිදුවන අසාධාරණය ගැන ඇය කනස්සල්ල පළ කරනවා. ඇය නයිජීරියාවේ පැවති රූ රැජින තරගයකින් ජයග්‍රහණය කළත්, තමන්ගේ නිවහන දකුණු අප්‍රිකාව බවයි ඇය පවසන්නේ. මේ නඩුව 2027 වසර දක්වා කල් දමා ඇති අතර, එතෙක් ඇයට නිදහසේ සිටීමට අවස්ථාව ලැබී තිබෙනවා. කෙසේ වෙතත්, ඇගේ පුරවැසිභාවය පිළිබඳ ගැටලුව තවමත් විසඳී නැති නිසා ඉදිරියේදී කුමක් සිදුවේද යන්න ලෝකයේම අවධානයට ලක්ව තිබෙනවා.

Discussion & Feedback