OpenAI සමාගම විසින් ඔවුන්ගේ පළමු දෘඩාංග උපාංගය ලෙස ‘Micro’ නමින් අලුත්ම කීපෑඩයක් පසුගියදා වෙළඳපොළට හඳුන්වා දුන්නා. මෙය ප්‍රධාන වශයෙන් නිර්මාණය කරලා තියෙන්නේ ChatGPT සහ Codex වැනි මෙවලම් සමඟ පහසුවෙන් වැඩ කිරීමට කැමති කේතකරණ ශිල්පීන් (coders) ඉලක්ක කරගෙනයි. ඉතාමත් ආකර්ෂණීය පෙනුමකින් යුත් මෙම උපාංගය, බ්ලූටූත් හෝ USB මගින් පරිගණකයට සම්බන්ධ කරගන්න පුළුවන්. මෙහි ඇති විශේෂම දේ තමයි හඬ මගින් විධාන ලබා දිය හැකි බොත්තම සහ අපිට අවශ්‍ය පරිදි වෙනස් කරගත හැකි අභිරුචි බොත්තම් හය. මේ හරහා ChatGPT සමඟ වැඩ කිරීම වඩාත් වේගවත් සහ පහසු කරගන්න පුළුවන් කියලා තමයි ඔවුන් පවසන්නේ.
කෙසේ වෙතත්, මේ උපාංගය ගැන තාක්ෂණික ක්ෂේත්රයේ මත දෙකක් තියෙනවා. සමහරු මේක අලුත් අත්දැකීමක් විදිහට දකින අතරේ, තවත් පිරිසක් කියන්නේ ඩොලර් 230ක් වැනි ඉහළ මිලක් ගෙවා මෙය මිලදී ගැනීම තේරුමක් නැති වැඩක් බවයි. විශේෂයෙන්ම කේතකරණ ශිල්පීන් අතරේ මේ උපාංගය එතරම් ජනප්‍රිය වෙලා නැහැ. ඒ වගේම, මේකේ තියෙන වර්ණ කේත සහ බොත්තම් ක්‍රියාකාරිත්වය ඉගෙන ගන්න යම් කාලයක් ගත වෙන නිසා, සාමාන්‍ය පරිගණක යතුරුපුවරුවට වඩා මේක කොයිතරම් පහසුද කියන එක තවමත් ගැටලුවක්. ඇපල් සමාගම සමඟ පවතින නීතිමය ගැටලු මධ්‍යයේ OpenAI ගෙනාපු මේ උත්සාහය සාර්ථක වෙයිද කියන එක නම් කාලයත් එක්කම තමයි බලාගන්න වෙන්නේ.

Discussion & Feedback