මේ දවස්වල ලෝකයේම අවධානය දිනාගෙන තියෙන්නේ හයිඩ්රජන් බලයෙන් ක්රියාත්මක වන අලුත්ම මෝටර් රථයක් ගැන ආරංචියක්. ඇමරිකාවේ යූටා කාන්තාරයේදී සිදුකළ පරීක්ෂණයකදී, මේ රථය පැයට සැතපුම් 400කට වඩා වැඩි වේගයකින් ධාවනය වෙමින් ලෝක වාර්තාවක් පිහිටුවන්න සමත් වුණා. බ්රිතාන්ය ගුවන් හමුදාවේ හිටපු ප්රහාරක ගුවන් නියමුවෙක් වන ඇන්ඩි ග්රීන් තමයි මේ අභියෝගය භාරගෙන රථය පදවා තිබෙන්නේ. ඔහු මෙම රථය පැයට සැතපුම් 406ක සාමාන්ය වේගයකින් ධාවනය කරමින්, හයිඩ්රජන් එන්ජිමක් සහිත වාහනයක් මෙතෙක් ලෝකයේ ලබාගත් වේගවත්ම වාර්තාව තමන් සතු කරගත්තා.
මේ රථය ඇත්තටම රොකට්ටුවක් නෙවෙයි වුණත්, එය ක්රියාත්මක කරන විදිය සහ තාක්ෂණය රොකට්ටුවකට ගොඩක් සමානයි. සාමාන්යයෙන් ඉදිකිරීම් කටයුතු සඳහා යොදාගන්නා එන්ජින් දෙකක් තමයි මේ සඳහා භාවිතා කරලා තියෙන්නේ. මේ එන්ජින්වල තියෙන විශේෂත්වය තමයි පරිසරයට කාබන් ඩයොක්සයිඩ් පිට නොකිරීම. ඇන්ඩි ග්රීන් කියන විදියට මේ රථය පදවන එක හරියට අභ්යවකාශ යානයක් දියත් කරනවා වගේ වැඩක්. මොකද ඒ සඳහාත් රොකට් එකක් වගේම නිවැරදි ගණනය කිරීම් සහ කවුන්ට්ඩවුන් එකක් අනුගමනය කරන්න සිද්ධ වෙනවා. කොහොම වුණත්, මේ රථය අභ්යවකාශයට යන්න හදපු එකක් නෙවෙයි. ඒත් හයිඩ්රජන් බලයෙන් මෙතරම් වේගයක් ලබාගන්න පුළුවන් බව ඔප්පු කිරීම අනාගත වාහන තාක්ෂණයට ලොකු බලාපොරොත්තුවක් ගෙනත් දීලා තියෙනවා.

Discussion & Feedback