ඉන්දියාවේ ජනප්‍රිය නිරූපිකාවක සහ නිළියක වූ ට්විෂා ශර්මාගේ අකල් මරණය සම්බන්ධයෙන් මේ වන විට ඉන්දීය මධ්‍යම විමර්ශන කාර්යාංශය (CBI) විසින් ඇයගේ සැමියා වන සමර්ථ් සිං සහ නැන්දම්මා වන ගිරිබාලා සිංට එරෙහිව බරපතල චෝදනා ගොනු කර තිබෙනවා. විවාහ වී මාස පහක් වැනි කෙටි කාලයක් තුළ සිදුවූ මෙම මරණය ඉන්දියාව පුරා දැඩි කතාබහට ලක්වූ අතර, ඇයව සිය සැමියා සහ නැන්දම්මා විසින් මානසික පීඩාවට පත් කර සියදිවි නසා ගැනීමට පෙළඹවූ බවට චෝදනා එල්ල වී තිබෙනවා. සැකකාර ගිරිබාලා සිං විශ්‍රාමික විනිසුරුවරියක වීම හේතුවෙන් මෙම සිද්ධිය සමාජයේ දැඩි අවධානයට ලක්වී තිබීම විශේෂත්වයක්.
පවුලේ අය පවසන්නේ ට්විෂාට දෑවැදි ඉල්ලා වධහිංසා පැමිණවූ බවත්, ගැබ් ගැනීමක් සම්බන්ධයෙන් ඇයගේ චරිතය ගැන සැක මතු කර ඇයව දැඩි මානසික පීඩාවකට ලක් කළ බවත්ය. කෙසේ වෙතත්, සැකකාර පාර්ශවය මෙම සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන අතර, ට්විෂා මානසික රෝගයකින් පෙළුණු බවත් ඇය සියදිවි නසාගත් බවත් පවසනවා. CBI විසින් අධිකරණයට ඉදිරිපත් කළ පිටු 600ක චෝදනා පත්‍රයේ සඳහන් වන්නේ, සැමියා සහ නැන්දම්මාගේ අඛණ්ඩ මානසික හිංසනය හේතුවෙන් ට්විෂාට ජීවිතය හැර යාම හැර වෙනත් විකල්පයක් නොතිබූ බවයි. දැනට බන්ධනාගාරගතව සිටින සැකකරුවන්ට එරෙහිව ඉදිරි පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක වන අතර, ඉදිරියේදී තවත් සාක්ෂි මත අතිරේක චෝදනා ගොනු කිරීමට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.

Discussion & Feedback