මාරි සුළි කුණාටුවත් සමඟ ඇති වූ දැඩි රළ පහර සහ මුහුදු ඛාදනය හේතුවෙන් කැලිෆෝනියාවේ වෙරළබඩ ප්රදේශවල පිහිටි මිලියන ගණනක් වටිනා සුඛෝපභෝගී නිවාස රැසකට බරපතල හානි සිදුවෙලා තියෙනවා. විශේෂයෙන්ම මාලිබු ප්රදේශයේ නිවසක් යට විශාල පොළොව ගිලා බැසීමක් සිදුවීම නිසා එම නිවසේ ගෑස් නල පද්ධතිය පවා පුපුරා ගොස් තිබෙනවා. මේ වන විට එම ප්රදේශයේ නිවාස පහක් අනාරක්ෂිත බව ප්රකාශ කරමින් රතු ලේබල් අලවා තහනම් කිරීමට බලධාරීන් පියවර අරන් තියෙනවා. වාසනාවකට මෙන් එම නිවසේ කිසිවෙකුත් පදිංචිව සිටියේ නැහැ.
මේ තත්ත්වය මාලිබු වලට පමණක් සීමා වෙලා නැහැ. ලෝන්ග් බීච්, පැසිෆික් පැලිසේඩ්ස් සහ ඩැනා පොයින්ට් වැනි ප්රදේශවලත් මුහුදු රළ පහර නිසා නිවාස රැසක් අනාරක්ෂිත තත්ත්වයට පත්වෙලා තියෙනවා. ලෝන්ග් බීච් වල පදිංචිකරුවන් විශාල පිරිසකට තම නිවාස අතහැර ආරක්ෂිත ස්ථාන වෙත යන්නට සිදු වුණේ මුහුදු පවුරු වලට හානි සිදුවීම නිසයි. ඩැනා පොයින්ට් වලත් නිවාස දොළහකට ආසන්න ප්රමාණයක් වාසයට නුසුදුසු බව ප්රකාශ කරලා තියෙනවා.
කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසන විදිහට අඩි දහයකට වඩා උස රළ පහරවල් වෙරළ තීරයට කඩා වැදීම නිසා මේ විනාශය සිදුවෙලා තියෙන්නේ. තවමත් වෙරළබඩ ප්රදේශ සඳහා අධි රළ පහර සහ ගංවතුර අනතුරු ඇඟවීම් ක්රියාත්මකයි. බලධාරීන් පවසන්නේ තත්ත්වය තවදුරටත් නිරීක්ෂණය කරන බවත්, ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් අවශ්ය පියවර ගන්නා බවත්ය. කොහොම වුණත්, මේ ස්වභාවික විපත නිසා වෙරළබඩ දේපළ හිමියන් දැඩි අසීරුතාවයකට පත්වෙලා ඉන්නවා.

Discussion & Feedback