ෆෝමියුලා වන් ලෝකයේ අතිශය ජනප්රිය මෙන්ම ආන්දෝලනාත්මක රියදුරෙකු වූ ජේම්ස් හන්ට්ගේ ජීවිත කතාව ඇසුරෙන් අලුත්ම වාර්තා චිත්රපටයක් නිර්මාණය වෙමින් පවතිනවා. ‘Hunt: We Need To Talk About James’ ලෙස නම් කර ඇති මෙම වාර්තා චිත්රපටය, හන්ට්ගේ 1976 වසරේ ලැබූ ඓතිහාසික ලෝක ශූරතාවයේ 50 වැනි සංවත්සරයට සමගාමීව එළිදැක්වීමටයි සැලසුම් කර තිබෙන්නේ. මෙම නිර්මාණය සඳහා ෆෝමියුලා වන් ක්ෂේත්රයේ දැවැන්තයන් වන ඩේමන් හිල් සහ බර්නි එක්ලස්ටෝන් වැනි ප්රවීණයන් ද සම්බන්ධ වී සිටිනවා.
මෙම චිත්රපටය අධ්යක්ෂණය කරන්නේ බෙන්ජමින් ෆීල්ඩ් විසින්. ඔහු පවසන පරිදි, මෙය හුදෙක් රේසිං ගැන පමණක් නොව, හන්ට්ගේ පෞද්ගලික ජීවිතයේ සැඟවුණු පැතිකඩයන් සහ ඔහු සතු වූ අද්විතීය පෞරුෂය ගැන කතා කරන මානුෂීය කතාවක්. ජේම්ස් හන්ට්ගේ පුත් ෆ්රෙඩී හන්ට් පවසන්නේ, මෙතෙක් ලෝකය නොදැන සිටි තම පියාගේ ජීවිතයේ බොහෝ රහස් සහ නොකියූ කතා මෙම චිත්රපටය හරහා ප්රේක්ෂකයන්ට දැකගත හැකි වනු ඇති බවයි. ‘සෙනා’ වාර්තා චිත්රපටය මෙන් මෙම නිර්මාණයත් ලොව පුරා සිටින මෝටර් රථ ක්රීඩා ලෝලීන්ගේ හදවත් දිනාගන්නා විශිෂ්ට නිර්මාණයක් වනු ඇතැයි නිෂ්පාදකවරුන් විශ්වාස කරනවා.

Discussion & Feedback