යාපනය නල්ලූර් ප්රදේශයේදී පසුගිය සෙනසුරාදා විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් තිලීපන් හෙවත් රසයියා පාර්තිපන්ගේ 39 වැනි ගුණානුස්මරණ උත්සවය ඉතා සාර්ථකව අවසන් වුණා. එල්.ටී.ටී.ඊ සංවිධානයේ දේශපාලන අංශයේ නායකයෙක් විදිහට කටයුතු කරපු තිලීපන් සිහි කරමින් සැප්තැම්බර් 15 වැනිදා ඉඳන්ම යාපනය ඇතුළු උතුරු සහ නැගෙනහිර පළාත් කිහිපයකම විවිධ අනුස්මරණ වැඩසටහන් ක්රියාත්මක වුණා. මේ අවසාන දිනයේදී නල්ලූර්හි පිහිටි ඔහුගේ ස්මාරකය අභියසට රැස්වුණු ජනතාව මල් තබා උපහාර දක්වමින් ගෞරවය පුද කළා. මෑතකදී එහි ස්ථාපනය කරපු තිලීපන්ගේ ලෝකඩ ප්රතිමාව අභියසටත් විශාල පිරිසක් පැමිණ සිටිනු දැකගන්න ලැබුණා.
1987 වසරේ ඉන්දු-ලංකා ගිවිසුමෙන් පස්සේ ඉන්දීය රජයට එරෙහිව තමන්ගේ ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන තිලීපන් නල්ලූර්හිදී උපවාසයක් ආරම්භ කළා. කිසිදු ආහාරයක් හෝ වතුර බිඳක්වත් නොගෙන දින ගණනාවක් පුරා සිදු කරපු මේ උපවාසය අවසානයේදී 1987 සැප්තැම්බර් 26 වැනිදා ඔහු ජීවිතක්ෂයට පත් වුණා. මේ සිදුවීම සිහිපත් කරමින් සෑම වසරකම සැප්තැම්බර් මාසයේදී උතුරු පළාතේ ජනතාව මෙවැනි අනුස්මරණ උත්සව සංවිධානය කරනවා. මෙවරත් උතුරු සහ නැගෙනහිර පළාත්වල විවිධ ප්රදේශවල මේ හා සමාන අනුස්මරණ වැඩසටහන් පැවැත්වුණු අතර, ජනතාව ඉතා සංවේදීව සහ ගෞරවයෙන් යුතුව මේ අවස්ථාවන්ට එක්ව සිටියා.

Discussion & Feedback