දෙවන ලෝක යුද්ධයෙන් පසු ප්‍රංශය මුහුණ දුන් දරුණුතම ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් මේ වන විට අක්කර තුන් ලක්ෂයකට අධික භූමි ප්‍රමාණයක් විනාශ වෙලා තියෙනවා. මේ ව්‍යසනයට ප්‍රධාන හේතුව දේශගුණික විපර්යාස සහ උෂ්ණත්වය ඉහළ යාම බව පැවසුවත්, ප්‍රංශ රජය පවසන්නේ ලැව්ගිනිවලින් දහයෙන් නවයක්ම මිනිසුන් විසින් ඇති කරන ලද ඒවා බවයි. මේ සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් 420 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ අතරට වයස අවුරුදු 18ට අඩු ළමුන් 166 දෙනෙකුත් ඇතුළත් වීම විශේෂත්වයක්. ඇතැම් අය හිතාමතාම ගිනි තැබීම් සිදු කර ඇති අතර, තවත් පිරිසක් නොසැලකිලිමත්කම නිසා ගිනි ගැනීම් සිදු කර තිබෙනවා.
කෙසේ වෙතත්, රජයේ මෙම දැඩි ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් නීතිඥවරුන් සහ මාධ්‍ය ආයතන විවිධ සැක මතු කරනවා. විශේෂයෙන්ම මානසික ආබාධ සහිත පුද්ගලයන් සහ නිවාස නොමැති අය පවා ඉතා සුළු වැරදිවලට සිරගත කිරීම අසාධාරණ බව බොහෝ දෙනාගේ මතයයි. ගිනි නිවන නිලධාරීන් පවසන පරිදි, පවතින දැඩි නියඟයත් සමඟ සිගරට් කොටයක් හෝ කුඩා ගිනි පුපුරක් වුවද මහා විනාශයකට මුල පිරිය හැකියි. කෙසේ වෙතත්, මෙම අත්අඩංගුවට ගැනීම්වලින් බහුතරයක් නීතිමය වශයෙන් ඔප්පු කිරීමට අපහසු වනු ඇති බවටයි නීති විශේෂඥයන් අනතුරු අඟවන්නේ. මේ වන විට ප්‍රංශ රජය ද තමන්ගේ සූදානම මදි බවට එල්ල වන චෝදනා හමුවේ දැඩි පීඩනයකට ලක්ව සිටිනවා.

Discussion & Feedback